මේ දවස්වල අැමතිවරුන්ගේ ග්‍රහචාරය එච්චරහොද නෑ වගේ. අද උදේ රාජ්‍ය අැමතිනී ශ්‍රීයානි මහත්මිය ගිය වාහනය අනතුරකට ලක්වුණා. යාන්තම් සුළු තුවාල ලබලා අැමතිණිය බේරුණා.
ඊයේත් කැබිනට් අැමතිවරයෙක් ගිය හෙලිකොප්ටරයක් අනතුරට ලක් වෙන්න ගිහින් නූලෙන් බේරුණා. එ් මහින්ද අමරවීර අාමාත්‍යවරයා. එතුමාට යාපනයේ තිබ්බ තෛපෝංගල් උත්සවයකට අාරාධනයක් ලැබිලා තියෙනවා. උත්සවයට එන්න සංවිධායකයින් පෞද්ගලික හෙලිකොප්ටර් එකකුත් දීලා තිබ්බා.
හැබැයි ගුවන් නියමුවා යානය ගොඩබස්වන්න ඕන පලාලි ගුවන් තොට තියෙන තැන දැනගෙන ඉඳලා නෑ. ගුවන් නියමුවා හෙලිකොප්ටරය අරන් ගිහින් තියෙන්නේ තලෙයිමන්නාරමට. මේ නිසා හෙලිකොප්ටරය ගොඩබාන්න බැරුව විනාඩි 45 ක් විතර ගුවනේ සැරි සරලා තියෙනවා.
කොහොම හරි කාටවත් අනතුරක් නැතුව ගුවන් යානය ගොඩබස්සලා තියෙනවා. හැබැයි අැමතිතුමා අැවිත් තියෙන්නේ නම් ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින්.