අද 2018 ජනවාරි මස 16 වන අඟහරුවාදා
රාහු කාලය: හවස 03.16 සිට හවස 04.45 දක්වා, රාත්‍රීකාලය සඳහා අලුයම 03.230 සිට 04.54 දක්වා
සුභ දිශාව: නැගෙනහිර දිශාව, දකුණු දිශාව

අන් අය සමඟ ගණුදෙනු කිරීමේදී ඔබ වෙනදට වැඩ බුද්ධිමත් බවකින් කටයුතු කරන දිනයක්. තරමක් මුරණ්ඩු හා ආවේගශීලි වන නමුත් ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. ස්වයං රැකියා හා නව අදහස් තුළින් කරන කටයුතු වල සාර්ථකත්වය උදාකරගත හැකියි. ඉවසීම හා කාරුණික වීම තුළින් දිනය වඩා සුභදායක කරගත හැකිය.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09

ගංගා, මුහුදු ආශ්‍රිත ගමන් බිමන් යාමේදී හා වාහන ධාවනයේදී කල්පනාකාරී විය යුතුයි. මත්පැන් වලින් මෙන්ම අහර වලින් පවා වඩාත් ප්‍රවේශම් විය යුතු දිනයක්. ආගමානුකුලව දිනය ගත කිරීම ඔබට වැඩත් සුභයි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 08

ලේඛණ ආශ්‍රිත කටයුතු හා නව නිර්මාණ සාර්ථක වන දිනයක්. රැකියාවේ නව දියුණුවක් අපේක්ෂා කල හැකි පිනට දහමට වැඩි නැඹුරුවක් දක්වන දිනයක්. තම සහජ බුද්ධිය තුළින් වැඩකටයුතු බොහොමයක් ඔබ සාර්ථක කරගන්නා දිනයක්. පෙම්වතුන්ට සුභ වන අවිවහකයින්ට මංගල යෝජනා ලැබෙන දිනයක්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07

තම සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. සුළු අසනීපයකට වුවද වහා නිසි ප්‍රතිකාර ලබාගත යුතුයි. තමන්ට අලුතින් මුණගැසෙන ය සමඟ වැඩ ප්‍රවේශමෙන් කටයුතු කල යුතුයි. ඉවසීම ඔබට වඩාත් අවැසි දිනයක්. ඔබට, පවුලේ අයට මෙන්ම නිවසට අවශ්‍ය දෑ ගැනීමට කදිම දිනයක්.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 06

නිර්භීතභාවය, පාලනය කිරීමේ ශක්තිය හා අන් අය අතර ප්‍රමුඛයා වීමේ හැකියාව තුළින් ඔබව වෙනදට වඩා කැපී පෙනෙන දිනයක්. අතපසු වුනු වැඩ බොහොමයක් සාර්ථකව නිම කිරීමේ හැකියාව පවතින දිනයක්. ඔබගේ ශරීර ශක්තිය හා ආත්ම ශක්තිය අද දිනය තුල ඉතා ඉහළයි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 05

පවුලට වඩාත් ලැදි වන දිනයක්. පාරම්පරික දේපළ උරුමයන් වලට හිමිකම් කීමේ භාග්‍යය ලැබෙන දිනයක්. සමාජසේවා වැඩකටයුතු වලට යොමුවීමට ලැබෙනවා මෙන්ම එමඟින් සමාජ ආකර්ෂණය හා පිළිගැනීම දිනාගත හැකි වන දිනයක්. අවංකව හා විශ්වාසවන්තව වැඩ වල යෙදෙන්න.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 04

වෙළඳාමට දක්ෂ වන, ගැටළු වලට සාර්ථකව මුහුණදෙන, නව නිර්මාණ සඳහා යොමු වන සහ සෞන්දර්ය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන දිනයක්. අධික ලාභ ඉපයිය හැකි අන් අයගේ උදව් උපකාර බහුලව ලැබෙන, මනා පාලනයක් සහිත සුභ දිනයක්. ආගමානුකුලාව දිනය ගත කිරීම වඩාත් සුභයි.
ජය වර්ණය: තද දම් හා ලා දම් පැහැය ජය අංකය: 03

වාග් ශක්තිය වෙනදට වඩා ඔබට යහපත් එල ගෙන එන දිනයක්. එමඟින් අන් අයගේ ආකර්ෂණය, ආදරය, ගෞරවය මෙන්ම සමාජ පිළිගැනීම දිනාගත හැකි දිනයක්. තියුණු නුවණින් කටයුතු කරන, සත්‍යය අසත්‍ය ක්ෂණිකව හඳුනාගෙන එන අය සමඟ කටයුතු කරයි. අවංකවම ඔබගේ වැඩ කටයුතු කරන දිනයක්.
ජය වර්ණය: රතුපැහැය ජය අංකය: 02

නායකත්ව ගුණාංග, සහජ බුද්ධිය, ගැඹුරු කල්පනා ශක්තිය, ගැටළු වලට සාර්ථකව මුහුණදීමේ හැකියාව වෙනදට වඩා ඉස්මතු වන දිනයක්. සුව පහසු ගමන් බිමන් යාමට අවස්ථාව ලැබෙයි. අදායම ඉහළ යන වාසනාවන්ත දිනයක්. කෙසේ වුවත් ප්‍රවේසම් වීම ඉතා වැදගත්.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 08

රැකියා කටයුතු වලදී හා ව්‍යාපාර කටයුතු වලදී කල්පනාකාරී වීම ඉතාම වැදගත්. තරහාව මෙන්ම වෛරය පාලනය කරගත යුතුයි. ඉවසීම හා කාරුණික වීම ඔබට අද වඩාත් වැදගත් වනවා. ලිපි ලේඛන ආශ්‍රිත ගනුදෙනු වලදී මෙන්ම අත්සන භාවිතයේදී වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. වාහන ධාවනයේදී ප්‍රවේසම් වන්න. ආගමානකුලව කාරුණිකව හා අවංකව තම වැඩ කටයුතු සිදු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 03

නිර්මාණ කාර්යන් වලට හා සුක්ෂම වැඩවලට ඉතා දක්ෂ වන ඔබට අද සුභ දිනයක්. අතපසු වුන වැඩ නැවත ආරම්භ කර, නිම කිරීමට හොඳ දිනයක්. සතුරන්ව හඳුනාගෙන වැඩකටයුතු ඉදිරියට කරගෙනයාමට ලැබෙන සුභ දිනයක්. කල්පනාකාරී වෙන්න. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙකුට ඒ සඳහා උත්සහ කරන්න සුභ දිනයක්.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 02

වෙනදට වඩා ආගමනුකුලාව දිනය ගත කරයි. ගංගා, ඇළ දොළ, මුහුදු, වනාන්තර ආශ්‍රිතව ගැවසීමේදී ප්‍රවේශම් වෙන්න. අසරණයින්ට හා දුබල අයට මෙන්ම පිහිට අවැසි ඕනෑම කෙනෙකුට දෙවරක් නොසිතා ඔබ උදවු කිරීමට පෙළඹෙයි. සොර සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතු දිනයක්.
ජය වර්ණය: රතු කහ මිශ්‍ර පැහැය ජයඅංකය: 01
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී: ලක්ෂ්මන් යු. ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829