ලංකාවේ නම ක්‍රිකට් වලින් ලෝකයට ගෙන ගිය දැවැන්තයා, මාස්ටර් බ්ලාස්ටර්. එ් වෙන කවුරුත් නෙවෙයි ලෝකයක් අාදරය කරන සනත් ජයසූරිය.
ඔබට මතක අැති පහුගිය දවසක අපි ඔබට කිව්වා සනත්ගේ දණහිසේ අාබාධයක් ඇති වෙලා කියලා. ඉතිං සැත්කමක් කරන්න සනත් ඕස්ට්‍රේලියාවට ගියා. පහුගිය දවසක ඔහුගේ දණහිසේ සැත්කම කළා.
ඒ සැත්කම ඉතා සාර්ථක වුණා කියලා තමයි ඕස්ට්‍රේලියාවේන් අපිට අාරංචි වුණේ. මේ වෙද්දි සනත් සුවය ලබමින් ඉන්නවා. ඔහු රෝහලේ ඇඳ මත ඉන්න ඡයරුපයකුත් සියත 24 අපිට ලැබුණා. පහල තියෙන්නේ ඒ ඡායාරුපය. කොහොම වුනත් සම්පුර්ණයෙන්ම හොඳ වෙනකම් සනත්ට තව ටික දවසක් ඕස්ට්‍රේලියාවේ ඉන්න වෙනවා.
සනත්ට අාදරය කරන ඔබගේ අාශිර්වාදය නිසා තමයි මේ සැත්කම සාර්ථකව අවසන් වුනේ. ඉතිං ඉක්මනටම සනත්ට සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා සියත 24 අපි ප්‍රාර්ථනා කරනවා.