News Line| Off Air
Generic placeholder image

Jan
16

කටුනායකදී වතුරේ දියකරපු කොකේන් තොගය සිමෙන්ති කම්හලකට අරගෙන ගිහින් කරපු දේ මෙන්න.

1208 Views


කටුනායකදී වතුරේ දියකරපු කොකේන් තොගය සිමෙන්ති කම්හලකට අරගෙන ගිහින් කරපු දේ මෙන්න.

දකුණු අාසියාවේ අත්අඩංගුවට ගත්ත විශාලම කුඩු තොගය ඊයේ විනාශ කරා. කිලෝ 928 යි ග්‍රෑම් 229 ක් මේ කොකේන් තොගය බරයි. වටිනාකම කෝටි 1,400 ක් විතර.

ජනාධිපතිතුමා ඉදිරියේදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේදී මේ කෝකේන් තොගය විනාශ කරා. හැබැයි රූපවාහිනියේ නම් පෙන්නුවේ කොකේන් වතුරට දිය කරනවා විතරයි. එ් නිසා ගොඩක් අයට අැතිවුණ ප්‍රශ්නයක් තමයි කොකේන් වතුරේ දිය කරලා විනාශ කරන්නේ කොහොමද කියලා. එ් වතුර අායෙත් පෙරලා ගන්න පුළුවන් නේද කියලත් සමහරු කිව්වා.

අැත්තටම කොකේන් වතුර දියකරපු එක විනාශ කිරීමේ පළවෙනි පියවර. එ් විදියට දියකරපු කොකේන් දියර පුත්තලම, පලාවිය සිමෙන්ති කම්හලට අරගෙන ගියා. එ් නිකම් නෙවෙයි GPS සවි කරපු වාහනවල. ඉතාම තද අාරක්ෂාවක් යටතේ. සිමෙන්ති කම්හලේදී සෙල්සියස් අංශක 2,000 ක උෂ්ණත්වයක් තියෙන ප්‍රධාන උදුන අැතුළට දියර කොකේන් අැතුල් කරනවා. ඊට පස්සේ තත්පර 06 වගේ කාලයකදී විනාශ වෙලා යනවා.

මේ කොකේන් තොගය විනාශ කරේ ඉන්සී ඉකෝසයිකල් අායතනයට අයිති කම්හලක. මීට කලිනුත් මේ කම්හලේ කොකේන්වලට වඩා භයානය රසායනික ද්‍රව්‍ය විශාල තොගයක් විනාශ කරලා තියෙනවා. එ් නිසා විනාශ කරපු කොකේන් තොගය අායෙත් වෙළඳපොලට එ්වි කියලා බය වෙන්න දෙයක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post