“විජයබා කොල්ලය” කියන්නේ ලංකා ඉතිහාසයේ සංධිස්ථානයක්. හෙළ සිනමාවේ 71 වෙනි සංවත්සරයට “විජයබා කොල්ලය” රිදී තිරයට එනවා.
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණ බූඩි කීර්තිසේන මහතා තමයි චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඩබ්.එ්. සිල්වාගේ ජනප්‍රිය නවකතාවක් වුන “විජයබා කොල්ලය” පොත අැසුරෙන් තමයි තිර රචනය කරලා තියෙන්නේ තිස්ස අබේසේකර මහතා. එතුමාගේ අන්තිම තිර රචනාවත් මේක.
සිනමාවේ 71 වෙනි උපන්දිනය යෙදිලා තියෙන ජනවාරි 21 වෙනිදා බම්බලපිටියේ මථුරා අවන්හලේදී “විජයබා කොල්ලය” අාරම්භ වෙනවා. හෙළ සිනමාවේ ප්‍රවීනයන් රැසක් තමයි මේ චිත්‍රපටිය කරන්නේ. එ් නිසා විශිෂ්ඨ සිනමා නිර්මාණයක් අපිට බලා ගන්න පුළුවන් වේවි.