ඔබට මතකද පහුගිය දවස්වල බුකිය කලඹපු අපූරු ත්‍රීවිල් එක. මුහුදේ යන්න පුළුවන් විදියට තමයි මේ ත්‍රීවීල් එක හදලා තිබ්බේ. හැමෝම කිව්වේ එ්ක ලංකාවේ තරුණයින් පිරිසක් හැදුවා කියලා.
හැබැයි මේ ත්‍රීවීල් එක හැදුවේ කවුද, මොකටද හැදුවේ කියලා අපි හොයා ගත්තා. BBC Top Gear කියන්නේ ලෝක ප්‍රසිද්ධ Motor Show එකක්. ඒක විකාශනය වෙන්නේ BBC බ්‍රිතාන්‍ය නාළිකාවේ. එයාල කරන්නේ ලෝකේ වටේ ගිහින් වාහනවලට කරන්න පුළුවන් අමුතු වැඩ පෙන්නන එක. මේ වැඩසටහන කරන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වුණ මැට් ලේ බ්ලැන්ක්.
පහුගිය දවසක Top Gear Production Team එක ලංකාවටත් අාවා. පළවෙනි දවස ඔවුන් ගියේ මහනුවරට. දෙවෙනි දවසේ ඔවුන් නැගෙනහිර වෙරළට අාවා. එ් අැවිත් තමයි ඔවුන් අපූරු ත්‍රීවීල් එක මුහුදේ යවලා බැලුවේ. මේ ත්‍රීවීල් එක හදන්නෙත් ඔවුන්ගේ අදහසකට අනුව. අපේ රටේ අයගේ නිෂ්පාදනයක් නොවුනට ලංකාවේ නම මේ වැඩසටහනෙන් ලෝකයට යනවා. එ් ගැන හිතලා අපිට සතුටු වෙන්න පුළුවන්.