News Line| Off Air
Generic placeholder image

Jan
17

ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

568 Views


ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 17 වන බදාදා

රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.21 සිට දහවල් 01.49 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 12.51 සිට අලුයම 01.53 දක්වා

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

 

මේෂ ලග්නය

සැඟවී තිබූ දක්ෂතා ඉස්මතු කරගත හැකි, බාධක ජයගෙන ඉදිරියට යා හැකි නමුත් ආවේගශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන දිනයක්. අලුතින් පටන් ගන්න හැම කටයුත්තක්ම සාර්ථක කරගත හැකි දිනයක් වන අතර කල්පනාකාරී වීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා රතු පැහැය                                  ජය අංකය: 03

වෘෂභ ලග්නය

කායික ශක්තිය වර්ධනය වන ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලට වඩාත් සුභ වන දිනයක්. නෑදෑ හිත මිතුරන් වැඩියෙන් ඇසුරු කිරීමට ලැබෙන සමාජ ගෞරවයට පත්‍ර වන දිනයක්. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට ඉතාම සුභ දිනයක්.

ජය වර්ණය: රන්වන් පැහැය                              ජය අංකය: 07

මිථුන ලග්නය

ඔබට තිබූ ගැටලු හඳුනාගනිමින් සතුරන් මැඩ දමා ඉදිරියට යා හැකි දිනයක්. අධ්‍යාපන වැඩ කටයුතු වලට සුභ දිනයක් වන අතර සැලසුම් සහගතව මෙන්ම කල්පනාකාරීව වැඩ කිරීම වඩා වැදගත්. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය: ලා කොළ පැහැය                         ජය අංකය: 07

 

කටක ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. හදිසි ධන ලාභ ලැබෙන සතුරන් මැඩදමා ඉදිරියට යා හැකි දිනයක්. අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධාකාරී දිනයක් වනමුත් තරඟ වලින් ජයග්‍රහණය ලැබීමේ වාසනාව ඇත. කලපනාකාරීව දිනය ගත කරන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                                  ජය අංකය: 05

සිංහ ලග්නය

ඔබට එරෙහිව තිබූ බාධා යටපත් වන නිරෝගී සුවය ගෙන දෙන දිනයක්. අධ්‍යාපනයට සුභ දිනයක් වනමුත් යම් අසහනකාරී තත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතියි. ඊට හේතුවන කාර්යබහුලත්වය හා මානසික අසහනය දුරු කරගැනීමට සැලසුම් සහිතව පිළිවෙලකට තම වැඩ කටයුතු කල්පනාකාරීව හා ඉවසිලිවන්තව සිදුකිරීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා රතු පැහැය                                     ජය අංකය: 06

කන්‍යා ලග්නය

තම දූ දරුවන් වෙනුවෙන් වෙනදට වඩා කාලය, ශ්‍රමය, මුදල් වැය කිරීමට සිදුවන දිනයක්. අධ්‍යාපන වැඩ කටයුතු වලට වැඩි ඇල්මක් දක්වන තමන්ගේ උගත්කම අනුව නිසි වටිනාකමක් ලැබෙන දිනයක්. කෙසේ වුවද නිවැරදි තීරණ ගැනීම හා ඉවසිලිවන්ත වීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා කහ පැහැය                               ජය අංකය: 09

 

තුලා ලග්නය

මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වන්නන්ට, තාක්ෂණික අංශ වල නියුතු වන්නන්ට හා නීතිය හා සාමය සම්බන්ධව නියුතු වන්නන්ට ඉතාම සුභ දිනයක්. දණහිස් හා සෙම් රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩ පවතින අතර තම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වඩා වැදගත්. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී මෙන්ම ඉවසිලිවන්ත වන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                          ජය අංකය: 07

 

 

වෘශ්චික ලග්නය

 

තම පෞරුෂය වෙනදට වඩා ඉස්මතු වන, සමාජ ගෞරවය ලැබෙන, සතුරුන් ලෙහෙසියෙන් මැඩදමා සාර්ථකත්වය උදාකරගත හැකි දිනයක්. සමාජ සේවා කටයුතු වලින් ලාභ ලැබෙන සෞඛ්‍ය හා ලිපි ලේඛන ආශ්‍රිතව නියුතු වන්නන්ට සුභ දිනයක්. ඉවසිලිවන්තව තීන්දු තීරණ ගැනීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා කහ පැහැය                                 ජය අංකය: 03

 

 

ධනු ලග්නය

වෙනදට වඩා වියදම් ඉහල යන දිනයක්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව හා යාන වාහන සම්බන්ධ ගැටලු ඇතිවන දිනයක්. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර ලබාගන්න. පරිපාලන කටයුතු, මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු වලට හා මුද්‍රණ කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයක්.

ජය වර්ණය: ලා කොළ පැහැය                                       ජය අංකය: 08

 

 

මකර ලග්නය

නව අදහස් මතුවන හා ඒවා ක්‍රියාත්මක කිරීමෙන් සාර්ථකත්වය උදාකරගතහැකි දිනයක්. යාන වාහන, යන්ත්‍ර සූත්‍ර හා තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව වැඩි ලාභ ඉපයිය හැකි දිනයක්. වියදම් පිළිබඳව සැලකිලිමත් වන්න. කල්පනාකාරීවීම හා ඉවසිලිවන්තබව වැඩියෙන් ඔබේ වැඩ කටයුතු වලට උපකාරී වන දිනයක්.

ජය වර්ණය: රන්වන් පැහැය                                          ජය අංකය: 08

 

කුම්භ ලග්නය

රැකියාවේ හා ව්‍යාපාර කටයුතු වල ලොකු වෙනසක් සිදුවන දිනයක්. ගුප්ත කටයුතු වලට වැඩියෙන් යොමු වන රහස් සම්බන්ධතා තුලින් සමාජ ගෞරවය හා ලාභ ඉපයිය හැකි දිනයක්. වියදමට සාපේක්ෂව ආදායම වඩාත් ඉහළ අගයක් ගන්නා දිනයක් වනමුත් කාර්යබහුලත්වය හා වගකීම් රැස්වීම මත චිත්ත පීඩා ඇතිවිය හැකිය. සැලසුම් සහගතව හා කල්පනාකාරීව වැඩකටයුතු සිදුකරන්න.

ජය වර්ණය: රතු පැහැය                                               ජය අංකය: 08

 

 

මීන ලග්නය

අසනීප තත්ව තුලින් මිදීමේ හැකියාව පවතිනවා. කාර්යබහුල වන අතර භාරගත් වැඩ නිම කිරීම ඉතා වැදගත්. නැතිනම් නොසිතු ප්‍රශ්න ඇති විය හැකි දිනයක්. සුභවාදී සිතුවිලි මත ක්‍රියා කිරීමෙන් වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගත හැකි දිනයක්.

ජය වර්ණය: ලා රතු පැහැය                                       ජය අංකය: 08

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post