News Line| Off Air
Generic placeholder image

Jan
17

අලුත බැඳපු කෝලි හැඟීම් පාලනය කර නොගත් නිසා ICC ය දඩ ගහයි.

746 Views


අලුත බැඳපු කෝලි හැඟීම් පාලනය කර නොගත් නිසා ICC ය දඩ ගහයි.

ගිය අවුරුද්දේ වඩාත්ම කතා බහට ලක්වුන ක්‍රීඩකයා තමයි විරාත් කෝලි. එ්කට හේතු කිහිපයක්ම තිබ්බා. ගිය අවුරුද්දේ වැඩිම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයා තමයි කෝලි. එ් වගේම ඉන්දීය කණඩායම අපරාජිතය තියා ගන්නත් ඔහු සමත් වුණා. අනික් විශේෂ කාරණය තමයි කෝලිගෙයි අනුෂ්කාගෙයි විවාහය.

මේ අවුරුද්දෙත් කෝලි පුවත් මවන එක නම් නවත්තලා නෑ. දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී ඔහු අඩු ලකුණු වලට දැවී ගියා. මේ දවස්වල ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙසට් තරඟයත් පැවැත්වෙනවා.

ඊයේ තරඟය අතරතුරදී කෝලි විනිසුරුවන් එක්ක වලියක් දා ගත්තා. දකුණු අප්‍රිකාවේ දෙවෙනි ඉනිමේදී පන්දුව තෙතයි කියලා කෝලි විනිසුරුවන්ට දැන්වුවා. දිගින් දිගටම කෝලි එ් බව කිව්වත් විනිසුරුවන් ගණන් ගත්තේ නෑ. මේකට කෝලිට තරහා ගිහින් පන්දුව විසිකරා.

කෝලිගේ මේ නොහොබිනා වැඩේට ICC ය තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කරා. ක්‍රිකට් විචාරකයෙක් වුන කෙප්ලර් වෙසල්ස් කිවවේ “කෝලි මිට වඩා හැගීම් පාලනය කර ගන්න ඕන” කියලා.

කොහොමත් ඉතිං කෝලි තරම් කුකුල් කේන්ති කාරයෙක් ක්‍රිකට් පිටියේ නෑනේ. හෙට අායෙත් ඔහු පිටියේදී කොක්කක් දා ගත්තොත් පුදුම වෙන්න නම් දෙයක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post