News Line| Off Air
Generic placeholder image

Jan
17

වසර 18කට පසු ශ්‍රී ලංකා සිතියම අලුතෙන් අඳියි. දකුණු, නැගෙනහිර වෙරළින් ලොකු වෙලා. හලාවතින් අඩුවෙයි.

1044 Views


වසර 18කට පසු ශ්‍රී ලංකා සිතියම අලුතෙන් අඳියි. දකුණු, නැගෙනහිර වෙරළින් ලොකු වෙලා. හලාවතින් අඩුවෙයි.

භූ පිහිටීම කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන දෙයක්. ඩයිනෝසර්ලටත් කලින් ගොඩ්වාලන්තය කියලා තනි මහද්වීපයක් තමයි පෘථිවියේ තිබ්බේ. හැබැයි දැන් මහද්වීප 7 කට කැඩිලා තියෙනවා.

වසර 18 කට පස්සේ ලංකාව අයෙත් සිතියම් ගත කරමින් ඉන්නවා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව තමයි මේ වැඩේ කරන්නේ. 1:50000 ප්‍රමාණයේ සිතියම් 92 කින් මේ අලුත් සිතියම සමන්විතයි. මේ වෙද්දි සිතියම් 65 ක වැඩ ඉවර කරලා. හැබැයි තව සිතියම් 27 ක වැඩ ඉවර කරන්න තියෙනවා.

රජයේ මිනුම්පති පී.එම්.පී උදයකාන්ත මහතා කිව්වේ මේ වසර 18 දී ලංකාවේ භූ විෂමතාවේ ලොකු වෙනසක් වෙලා කියලා. කොළඹ වරාය නගරයත් අලුත් ලංකා සිතියමට අැතුලත් වෙලා තියෙනවා. අලුත් සිතියම අනුව ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරවල ගොඩවීමක් පෙන්නනවා. හැබැයි හලාවත පැත්තෙන් නම් ගොඩබිම අඩුවෙලා.

චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන තමයි මේ සිතියම් නිර්මාණය කරන්නේ. සම්පූර්ණ සිතියම නිර්මාණය කරාට පස්සේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් සිතියම ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post