2018 වසරේ ලංකාව සහභාගී වෙන පළවෙනි තරඟය තව ටිකකින් පටන් ගන්නවා. එ් සිම්බාබ්වේ කණ්ඩායම එක්ක. අලුත් අවුරුද්දේ අලුත් අාරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගනීවි කියලා තමයි ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ගිය අවුරුද්දේ සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවේ සංචාරයකට අාවා. එක්දින තරඟාවලිය 3 -2 විදිවය දිනන්න සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වුණා. එ් නිසා සිම්බාබ්වේ කණ්ඩායම අදත් ජයග්‍රහණය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. හැබැයි තුන්කොන් සටනේ පළවෙනි තරඟය ඔවුන් පැරදුණා. එ් නිසා එ් වාසිය ලංකාවට තියෙනවා.
අද තරඟයේදී ලංකාව මෙහෙය වන්නේ මැතිව්ස්. දනුෂ්ක සහ තරංග ලංකාව වෙනුවෙන් ඉනිම අාරම්භ කරනවා. එ් වගේම දිනේෂ් චන්දිමාල් අායෙත් කණ්ඩායහට අාපු එක ලොකු හයියක්.
තණතිල්ලේ ස්වභාවය අනුව මුලින්ම පන්දු රකින එක තමයි වඩාත්ම සුදුසු. කාසියේ වාසිය දිනපු මැතිව්ස් මුලින්ම පන්දු රකින්න තීරණය කරපු එක නම් හොඳ තීරණයක්.