News Line| Off Air| Games
Generic placeholder image

Jan
19

ඉඳුනිල් අන්දරමාන්නට මොකද වුනේ? බිරිඳ සහ පර්පල් රේන්ජ් නායකයා කතා දෙකක් කියයි.

2279 Views


ඉඳුනිල් අන්දරමාන්නට මොකද වුනේ? බිරිඳ සහ පර්පල් රේන්ජ් නායකයා කතා දෙකක් කියයි.

ඉඳුනිල් අන්දරමාන්න කියන්නේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයෙක්. කාලයක් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් අයින් වෙලා හිටිය ඉඳුනිල් අායෙත් පර්පල් රේන්ජ්ලට එකතු වුණා.

හැබැයි ඉඳුනිල්ව අායෙත් කණ්ඩායමෙන් ඉවත් කරලා කියල සමාජ මාධ්‍යවල කතාවක් පැතීරීගෙන යනවා. ඉඳුනිල් එ් ගැන Facebook පිටුවේ සටහනක් තියලා තිබ්බා. ඔහු කිව්වේ පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් කරා කියන කතාව බොරුවක්, මාස කිහිපයක ඉඳන් අසනීප වෙලා ඉන්න නිසා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නවා කියලා. තව සති කිහිපයකින් අායෙත් ප්‍රසංග වේදිකාවට එනවා කියලත් ඔහු සටහන් කරලා තිබ්බා.

අපි මේ කතාවල අැත්ත නැත්ත අහන්න ඉඳුනිල් අන්දරමාන්නට කතා කරා. හැබැයි ඔහු දුරකතනයට අාවේ නෑ. එ් වෙනුවට ඔහුගේ බිරිඳ අචිනි අන්දරමාන්න තමයි කතා කරේ. අැයත් කිව්වේ ඉඳුනිල් රෝගී වෙලා පෞද්ගලික රෝහලක ඉන්නවා කියලා. එ් වගේම පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් කරපු කතාවත් බොරුවක් කියලා.

හැබැයි පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නායකයා නම් කිව්වේ අැත්තටම ඉඳුනිල්ව සංගීත කණ්ඩායමෙන් ඉවත් කරා කියලා. එ් වගේම ඔහුගේ පවුලේ අයම ඉඳුනිල්ව පුනරුත්තාපන කඳවුරකට ගිහින් දාලා කියලා. එ් ඉඳුනිල තදින්ම මත්කුඩු වලට අැබ්බැහි වෙලා හිටිය නිසා.

කොහොම වුනත් කවුරු අැත්ත කියනවාද බොරු කියනවාද කියලා අපි දන්නේ නෑ. එ්ත් ඉඳුනිල් අන්දරමාන්න ප්‍රසංග වේදීකාවේ නැති අඩුව නම් රසිකයන්ට තදින්ම දැනිලා තියෙනවා.

මේ දිනවල මා දැඩිලෙස රෝගාතුර වී පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව මාගේ සමීපතයින් කීපදෙනෙකු පමණක් දන්නා කරුණකි…
සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහාම පිළිතුරු ලබාදෙන්න බලාසිටියත් එල්ලවෙන මඩ ප්‍රහාර හා බොරු දරාගත නොහැකි නිසයි මේ පිළිබඳ ඔයාලව දැනුවත් කරන්නේ…
සංගීත කණ්ඩායමට කිසිම සම්බන්ධයක් නැති “Purple Range Dickwella” කියන ෆේස්බුක් පිටුවෙන් දාලා තිබුණා මාව නැවතත් මාස 6කට පුනුරුත්ථාපන කඳවුරකට යොදවලා කියලා…
එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර මාගේ අසනීප තත්ත්වය දැන් බොහෝ දුරට සුව වී හමාරය.
නැවත පැමිණි වහාම (බොහෝ දුරට මේ සතිය ඇතුලත)
සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහා පිළිතුරු දීමට බලාපොරොත්තු වෙන්නෙමි!

“පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදනා මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ”

නින්දා ප්‍රශංසා වගේ අපහාස කියන්නෙත් මට නුපුරුදු දෙයක් නෙවේ! එකපාරක් වැටිලා නැගිටපු මං මේ පාරත් ආයේ නැගිටිනවා ඔයාලගේ ඒ ආදරය ශක්තියක් කරගෙන…!
ඉක්මනටම වේදිකාවට ඇවිත් අලුත්ම ගමනක් යන්නම් ඔයාලගේ ආදරය ආශිර්වාදය මැද්දෙන් ❤️
ඔයාලගේ ආශිර්වාදය ආදරය හා මේ වගේ රසික පිරිසක් ඉන්නකන් “අන්දරේව” වේදිකාවෙන් බස්සන්න කාටවත් බෑ!
මං ගැන හොයපු,ලක්ෂ ගණන් මැසේජ් දාලා මගෙ දුක සැප, කරන්නෝන උදව් අහපු සෑමදෙනාටම හදවතින්ම ආදරෙයි ❤️?

– ඉඳුනිල් ප්‍රසංග අන්දරමාන –


News Articles
Latest Videos
Most Popular Post