හතුරුසිංහ ගිය පළිය බංගලි ක්‍රීඩකයෝ ඊයේ ලබා ගත්තා. හතුරුගේ පරණ ගෝලයින්ගේ තුන්ඉරියව් ප්‍රහාරයෙන් අලුත් ගෝලයින් හතර ගාතෙන් වැටුණා. ඊයේ ලංකාව එක්ක තිබ්බ තරඟයෙන් ලකුණු 163 ක දැවැන්ත ජයක් ලබා ගන්න බංගලාදේශය සමත්වුණා. එ් බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය විදියට වාර්තාවකුත් තියලා.
කාසියේ වාසිය දිනපු බංගලාදේශය ලකුණු 320 ක් රැස් කරා. තමීම් ඉක්බාල් ලකුණු 84 යි. එ් 4 පහර 7 ක සහ 6 පහර 2 ක් එක්ක. ෂකීබ් ලකුණු 67 යි. වේගවත් ලකුණු 62 ක් ලබා ගන්න මුෂ්ෆිකර් රහීම් සමත් වුණා. තිසර පෙරේරා කඩුලු 3 කුත් නුවන් ප්‍රදීප් කඩුලු 2 යි.
ලකුණු 321 ක අති දැවැන්ත ඉලක්කයක් හඹා යන්න ලංකාවට සිද්ධ වුණා. එ්ත් ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක්ට සාර්ථක වෙන්න බංගලි පන්දු යවන්නන් අවස්ථාව දුන්නේ නෑ.
තරංග ලකුණු 25 යි. නායක චන්දිමාල් ලකුණු 28 යි. තිසර පෙරේරා වේගවත් ලකුණු 29 ක් ලබා ගත්තා. අනිත් කිසිම පිතිකරුවෙක්ට ලකුණු 20 සීමාවට එන්න බැරි වුණා.
පන්දුවාර 32 යි පන්දු 2 කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් කරන්න බංගලාදේශය සමත්වුණා. එ් වෙද්දි ලංකාවට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 157 ක් විතරයි. ෂකීබ් කඩුලු 3 ක් දවා ගත්තා. මොටාසා සහ රුබෙල් හුසේන් කඩුලු 2 බැගින් දවා ගත්තා. බංගලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක් ලබා ගන්න පුළුවන් වුණා. තරඟයේ වීරයා ෂකීබ් අල් හසන්.
තරඟයෙන් පස්සේ තිසර නම් කිව්වේ ඊයේ නරක දවසක් කියලා හිතමු කියලයි. “අපි කොයි වෙලේ නැගීටීද කියන්න බෑ. අලුත් පුහුණුකරු එක්ක දිගු ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාසයි. ඊයේ නරක දවසක් කියලා හිතමු. තව තරඟ දෙකක් තියෙනවා තරඟාවලියේ රැඳී ඉන්න. අපි අපේ හරි ක්‍රිකට් එක ගැහුවොත් මම හිතනවා අපිට තරඟාවලියම ජය අරන් කප් එක අරන් එන්න පුළුවන් කියලා.” කියලයි තිසර වැඩිදුරටත් කිව්වේ.
තරඟාවලිය දිනන්න තාමත් අවස්ථාව තියෙනවා. හැබැයි එ්කට ඉතිරි තරඟ 2 ම දිනන්න ඕන. අපි බලමු සිංහයන්ට තරඟාවලිය උඩුයටිකුරු කරන්න පුළුවන් වෙයිද කියලා.