News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

වැලිකඩ නිසා ගෝඨා හිරවෙයි.

646 Views


වැලිකඩ නිසා ගෝඨා හිරවෙයි.

පහුගිය රජය කාලයේ වැලිකඩ බන්ධනාගාරයේ ලොකු යුද්ධයක් වුණා මතක අැති. මේ සිද්ධිය ගැන කරපු පරීක්ෂණයකින් සිරකරුවන් 27 දෙනෙක් ලැයිස්තුවකට අනුව තෝරාගෙන ඝාතනය කරලා කියලා හෙළිවුණා. මේ ඝාතනයන්ට චෝදනා එල්ල වුණේ හිටපු අාරක්ෂක ලේකම්වරයෙක් වුණ ගෝඨාභය රාජපක්ෂට.

මේ ගැන කොමිෂන් සභා වාර්තාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කරපු පරීක්ෂණයේ වාර්තාව අධිකරණ අමාත්‍යංශය අැතුළු වගකිවයුත්තන්ට භාර දීලා අවුරුදු 2 ක් විතර වෙනවා. එ්ත් තාම අධිකරණ ක්‍රියා මාර්ග ගන්නේ නැති එක බරපතළ ගැටලුවක් කියලා ජේෂ්ඨ නීතිඥයන් කියනවා.

බන්ධනාගාරයේ සිද්ධිය ගැන පරීක්ෂණ කරන්න පත් කරපු කොමිසමේ සාමාජිකයෙක් තමයි නීතිඥ කේ. එ්ස්. ලියනගේ මහතා. ඔහු කියන්නේ මේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ සෘජුවම වගකියන්න ඕන කියලා.

– රැස පුවත්පත ඇසුරින්.


News Articles
Latest Videos
Most Popular Post