News Line| Off Air
Generic placeholder image

Jan
22

වික්ටර් යළිත් පිය පදවියට?

6378 Views


වික්ටර් යළිත් පිය පදවියට?

වික්ටර් රත්නායක කියන්නේ දැන් ලංකාවේ ඉන්න ප්‍රවීණම ගායකයා. පහුගිය කාලය පුරාම ඔහු ගැන එක එක පුවත් මැවුණා. ඔහු ගැන ඒ කතාබහ පටන් ගත්තේ තමන්ට වඩා ගොඩාක් බාල හෂිනි අමේන්ද්‍රාව විවාහ කරගත්ත නිසයි.

ඊයේ පෙරේදා අායෙත් ඔවුන් දෙදෙනා ගැන රටම කතා කරන්න ගත්තා. එ් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සිද්ධ වුන ස්වරණාභරණ හොරකමකට හෂිනිව අත්අඩංගුවට ගත්ත නිසා. වික්ටර් සහ හෂිනි ගැන දැන් තවත් කතාවක් බුකිය පුරාම පැතිරෙනවා.

එ් වික්ටර් රත්නායක අායෙත් පියෙක් කරමින් හෂිනි ගැබ් අරගෙන කියලා. මීට කලිනුත් හෂිනි කිව්වේ තමන් සහ සැමියා දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නවා කියලා. මේ නිසා හෂිනි ගැබ් අැගරෙන කියලා පැතිරෙන කටකතා අැත්තක් වෙන්න පුළුවන්.

හෂිනිව අධිකරණයේ ඉඳලා බන්ධනාගාරයට ගෙනියන වෙලාවේ ඡායාරූප වලින් එ් බව පැහැදිලි වෙනවා කියලත් සමහරු කියනවා. හැබැයි ඒ හැම දේම තාම අනුමානයන් විතරයි.

මේ තියෙන්නේ හෂිනි අධිකරණයෙන් බන්ධනාගාරයට අරං යනකොට ගත්ත Photos.


News Articles
Latest Videos
Most Popular Post