ලංකාවේ මිනිස්සු ලෝකයේ වෙනත් රටවලට ගිහින් වැඩ පෙන්නපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. විද්‍යාවෙන්, තාක්ෂණයෙන් වගේම ක්‍රීඩාවෙනුත් ලංකාවේ ය පිටරටවල් නියෝජනය කරලා තියෙනවා.
එංගලන්තයේ අවුරුදු 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලංකාවේ තරුණයෙක්ට අවස්තාව ලැබිලා තියෙනවා. කොළඹ ඉපදිලා අවුරුදු 13 දී එංගලන්තයට සවින් පෙරේරාට තමයි මේ අවස්තාව ලැබිලා තියෙන්නේ. සවින් පෙරේරා මීට අවුරුදු 6 කට කලින් අම්මයි සහෝදරයයි එක්ක තමයි එංගලන්තයේ ස්ථිර පදිංචියට යන්නේ.සවින්ගේ තාත්තා ඒ වෙනකොටත් එංගලන්තයේ රැකියාවක් කරමින් ඉඳලා තියෙන්නේ.
කවදා හරි දවසක ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන්න සවින්ට ආසයිලු. සිංහල භාෂාව හොදට තේරෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා පන්දු යවන්නට හා පන්දු රකින්නට දෙන උපදෙස් තේරුම් ගන්න එතකොට ඔහුට පුළුවන්ලු. ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර.
කවදා හරි දවසක එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමකට සෙල්ලම් කරලා ජාතික කණ්ඩායමට තේරෙන එක තමයි සවින්ගේ බලාපොරොත්තුව, ඔහු දැනටමත් නටමත් එංගලන්තයේ ‘මිඩ්ල්සෙක්ස්’ ප්‍රාන්ත කණ්ඩායමේ දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කරනවා.
කවදා හරි දවසක සවින් එංගලන්තයේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ලංකාවේ අපිටත් සතුටු වෙන්න පුළුවන්. ඒ ක්‍රිකට් ලෝකෙට උගන්නපු එංගලන්තයට සෙල්ලම් කරන්නෙත් ලංකාවේ අය කියලා.