අද කාලේ Wedding එකක් ගන්නවා කියන්නෙත් ලේසි නෑ. මොකද හැමෝම බලන්නේ තරු පන්තියේ හෝටලයක, හතර වගරිගෙම පිරිවරාගෙන මඟුල් කන්නනේ. එහෙම නැත්තම් දිගම සාරිය වගේ ලෝක වාර්තාවක් තියන්න.
ඔය විච්චූරණ මඟුල් අතරේ පහුගිය දවසක තරුණයෙක් අාදර්ශවත් විවාහ උත්සවයක් තිබ්බා. මේ විවාහ යුවළ උත්සවයට අාපු හැමෝටම අනෝදා පැලය ගානේ දුන්නා. එ් විතරක් නෙවෙයි අනිවාර්යෙන් පැළය හිටවන්නත් කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටියා.
හතර වටේට ණය වෙලා මඟුල් කන තරුණ තරුණියන්ට මේ යුවල හොඳ අාදර්ශයක්. මේක අාදර්ශයට අරන් හරි රැල්ලට හරි කමක් නෑ ඉස්සරහට මේ වගේ විවාහ උත්සව ගන්නවා නම් හැමෝටම හොඳක් වේවි.