ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන තරඟයක් අද බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙනවා. ලංකාව තරඟාවලියේ ඉස්සරහට යනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ තරඟයෙන්.
මේ වෙද්දී බංගලාදේශය ප්‍රසාද ලකුණු 10 ක් අරන් ලකුණු සටහනේ පෙරමුණේ ඉන්නවා. ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේට ප්‍රසාද ලකුණු 4 බැගින් ලැබිලා තියෙනවා. එ්ත් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව සිමබාබ්වේ පිල ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්නවා. එ් නිසා අද තරඟයෙන් සිම්බාබ්වේ පිල දින්නොත් ලංකාවේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. හැබැයි බංගලාදේශ කණ්ඩායම දින්නොත් ලංකාවට අවසන් තරඟය ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.
සිම්බාබ්වේ පිල එක්ක තිබ්බ තරඟයේදී ලංකාවට අවසන් තරඟයට යන්න පහසු අවස්ථාවක් ලැබුණා. එ් ඕවර් 40 ට කලින් ලකුණු 199 ලබාගෙන ප්‍රසාද ලකුණු 2 ක් ගන්න. අතට අාපු අවස්ථාවට පයින් ගහන්න ලංකාවට සිද්ධ වුණා. ලංකාවට ජයග්‍රාහී ඉලක්කය හඹා යන්න පන්දුවාර 44.5 ක් වැය වුණා. “අපි මුලින් සැලසුම් කරලා තිබ්බේ පන්දුවාර 40 න් අදාල ඉලක්කය පහුකර යන්න. නමුත් පන්දු වාර 25 න් පස්සේ අපිට එ් අදහස අතහැරලා තරඟයේ ජයග්‍රහණය ගැන හිතන්න සිද්ධ වුණා. එ්ක පිතිකරුවන්ට තමනගේ පහරවල් වලට යන්න පහසු ඉලක්කයක් නෙවෙයි.” කියලයි නායක චන්දිමාල් කිව්වේ.
බංලාදේශ කණ්ඩායම තරඟාවලියේ අපරාජිතව ඉන්නේ. එ් නිසා අද තරඟයත් ඔවුන් ජයග්‍රහණය කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා.