News Line| Off Air
Generic placeholder image

Jan
23

ලෝකෙටම තරු පෙන්නමින් යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්.

930 Views


ලෝකෙටම තරු පෙන්නමින් යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අමාරුවෙන් ලකුණු 200 ක් ගහද්දී 19 පහළ කණ්ඩායම වාර්තාගත ලකුණු පුවරුවක් ලබා ගන්න සමත්වුණා. එ් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේදී.

ඊයේ කෙන්යාව එක්ක තිබ්බ තරඟයේදී ලංකාව ලකුණු 420 ක අති දැවැන්ත ලකුණු පුවරුවක් ලබා ගත්තා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල හසිත බෝයගොඩ දිත්ව ශතකය මඟ හැරුණේ ලකුණු 9 කින්. ඔහු වේගවත් ලකුණු 191 ක් ලබා ගත්තා. එ් 4 පහර 28 ක් සහ 6 පහර 2 ක් සමඟින්. වයස අවුරුදු 19 න් පහළ තරඟයකදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා විදියට ඔහු වාර්තා අතරට ගියා. නිශාන් මදුෂන්ක ලකුණු 60 යි. අවසන් මොහොතේදී අධිවේගී පිතිකරණයක නිරත වුණ නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 53 යි. එ් 4 පහර 3 ක් සහ 6 පහර 4 ක් එක්ක.

පන්දුවාර 50 අවසන් වෙද්දී ලංකාව ලකුණු 420 ක් ලබා ගත්තා. එ් කඩුලු 4 ක් විතරක් දැවී ගිහින්. චිදම්බරන් කඩුලු 2 යි.

ලකුණු 421 ක දැවැන්ත ඉලක්කයක් කෙන්යාවට ලැබුණා. පිතිකරුවන්ට නොදෙවෙනි දස්කම් දක්වපු ලංකාවේ පන්දු යවන්නන් ලකුණු 108 කට කෙන්යා ඉනිම අවසන් කරා. තෝමස් ඔචෙන්ග් ලකුණු 45 යි. අනිත් කිසිම පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පහු කරන්න අවස්තාව ලැබුණේ නෑ.

සුපිරි පන්දු යැවීමක නිරතවුණ හරීන් බුද්ධිල කඩුලු 4 ක් දවා ගත්තා. නිපුන් මාලිංග කඩුලු 2 යි. ලංකාවට ලකුණු 311 ක අති දැවැන්ත ජයක් හිමි වුණා.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ක බැලුවම 19 පහළ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හොඳ තැනක තියෙනවා. එ් නිසා ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන යහපත් බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post