රංජන් රාමනායක කියන්නේ ලංකාවේ සුපර් ස්ටාර්. කාලයක් රංගනයෙන් ලංකාව හොල්ලපු රංජන් ඊට පස්සේ දේශපාලනයට අාවා. වන් ෂොට්, ලීඩර් වගේ ෆිල්ම් කරපු රංජන් සැබෑ ජීවිතයෙත් එ් වගේ චරිතයක් වෙන්න තමයි උත්සාහ කරන්නේ.
අසාධාරණය දැක්ක තැන පක්ෂ පාට නැතුව කතා කරන එක රංජන්ගේ පුරුද්දක්. හැබැයි මාලුවා නහින්නේ කට හින්දා කියන්න වගේ කට හින්දා රංජන්ටත් වැටෙන තොප්පිවල අඩුවක් නෑ. පහුගිය දවසක රංජන් කරපු ප්‍රකාශයක් නිසා අධිකරණයට අපහාස වුණා කියලා නඩු වැටුණා.
ඊයේ නඩුව කැඳවපු වෙලාවේ අධිකරණය නියෝග කරේ රංජන් අධිකරණයට අපහාස කරා කියන වීඩියෝව විනිසුරුවරු 11 දෙනාටම දෙන්න කියලා නියෝග කරා. එ් වීඩියෝ එක බලලා අැත්තටම රංජන්ගේ ප්‍රකාශයෙන් උසාවියට අපහාස වුණාද කියලා දන්වන්න කියලා කිව්වා.
එස්. බී. දිසානායක අැමතිතුමාත් එක සැරයක් අධිකරණයට අපහාස කරා කියලා හිරේ ගියා. රංජන්ටත් එ් වගේ හිරේ යන්න වේවිද දන්නේ නෑ.
රැස පුවත්පක අැසුරෙන්.