News Line| Off Air
Generic placeholder image

Jan
23

“සුරංගනීට මාළු ගේනාවා” දෙමළ ගීතයේ හිමිකරු E.A මනෝහරන් ජිවිතයෙන් සමුගනියි.

521 Views


“සුරංගනීට මාළු ගේනාවා” දෙමළ ගීතයේ හිමිකරු E.A මනෝහරන් ජිවිතයෙන් සමුගනියි.

ලංකාවේ වේග රිද්ම කලාවේ කන්ද උඩරට තරුව. එ්.ඊ්. මනෝහරන්. ඔහු වැඩියෙන්ම ජනප්‍රිය වුණේ වොලී බැස්ටියන් මහත්තයාගේ “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කරලා. මනෝහරන් මහතා එතුමා ඊයේ (23) චෙන්නායිවල රෝහලකදී මිය ගියා.

මනෝහරන් ගායනයට වගේම රංගනයටත් උපන් හපන්. ඔහු මිය යද්දි සිංහල සහ දෙමළ චිත්‍රපට 25 කට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ලංකාවේ පළවෙනි දෙමළ චිත්‍රපටය වුන “පාස නිලා” හි ප්‍රධාන චරිතය රඟපෑවෙත් මනෝහරන්.

70 දශකයේ ගුවන්විදුලි සංස්ථාවේ වෙළද සේවයේ වැඩසටහන් නිශ්පාදකවරයෙක් විදියටත් ඔහු කටයුතු කරා. මනෝහරන්ට දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ගීත ගායනා කරන්න පුළුවන්. එ් නිසාම ලෝකය පුරාම ප්‍රසංග පවත්වලා තියෙනවා.

මනෝහරන්ගේ වියෝව ලංකාවේ ප්‍රසංග කලාවට ලොකු පාඩුවක් වේවි.

http://24.siyathafm.lk/ilangai-lanka-ceylon-a-e-manoharan/


News Articles
Latest Videos
Most Popular Post