News Line| Off Air
Generic placeholder image

Jan
24

සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු දවසක්. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

478 Views


සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු දවසක්. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස  24 වනදා

රාහු කාලය: දිවා කාලය දහවල් 12.22 සිට 01.51 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.22 සිට අලුයම 01.54 දක්වා 

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

මේෂ ලග්නය

සමාජය තුල හා අන් අය අතර කැපී පෙනෙන චරිතයක් වීමේ හැකියාවක් ඇති දිනයක්. ඔබේ මිතුරන් අතරේ ඔබව වීරයෙක් වන දිනයක්. කෙසේ වුවත් විවාහ ජීවිතය තුල මෙන්ම පවුල තුල ප්‍රශ්න ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින දිනයක්. එබැවින් ඉවසිලිවන්ත වන්න. පපුව ආශ්‍රිතව හා සෙම් රෝග ත්බෙනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීමට වග බලාගන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 09

වෘෂභ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලට වැඩි වශයෙන් ඔබ නැඹුරු වන දිනයක්. හවුල් ව්‍යාපාර වලදී මෙන්ම මුල්‍ය පරිපාලන කටයුතු වලදී තරමක් කල්පනාකාරීව ඒවා සිදුකරොත් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතිනවා. සමාජය තුල සේවයට කැමති වන ඔබ අද දින පිනට දහමට යොමු වන ඉඩකඩ වැඩියි. සෙම් ආශ්‍රිත රෝග වලට ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතු දිනයක්.

ජය වර්ණය: ලා රතු පැහැය                            ජය අංකය: 09

මිථුන ලග්නය

අන් අයගේ  ආකර්ශනය හා ආදරය පහසුවෙන් දිනාගත හැකි දිනයක්. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයක් වන මුත් තරමක් සිතා බලා කල්පනාකාරීව වැඩ කිරීම වැදගත්. ලිපි ලේඛන කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයක් වන අතර මාසන්සික ශක්තිය අතින් වෙනදට වඩා ඔබ සතුටින් ගෙවන දිනයක්.

ජය වර්ණය: ලා කහ පැහැය                         ජය අංකය: 07

 

කටක ලග්නය

අතපසුවුණු වැඩ වෙනුවෙන් ඔබ නැවත මහන්සි වන දිනයක්. විශේෂයෙන්ම අසාර්ථක වූ ව්‍යාපාර, පවුල් සබන්ධතා නැවත ශක්තිමත් වන දිනයක්. අන් අය වෙනුවෙන් ඔබ වැඩිපුර ගතකරන අතර එමගින් සිතෙහි සතුට මෙන්ම සමාජ ගෞරවය ඔබට ලැබෙන දිනයකි. කෙසේවුවත් කලබලකාරී මානසිකත්වයක් ඇතිවීමට ඉඩ ඇති ඉසා ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                             ජය අංකය: 09

සිංහ ලග්නය

සමාජය තුල ඇති ප්‍රශ්න ගටලු වෙනුවෙන් ඔබ ඉදිරිපත් වන දිනයක්. ඒ නිසාම සතුරු කරදර ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින නිසාම ප්‍රවේසමෙන් කටයුතු කරන්න. දරුණු රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයක් වන අතර අසනීප තත්වයකින් පෙලෙනවා නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. හොදින් සිතාබලා වැඩ කටයුතු  සිදුකරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 09

කන්‍යා ලග්නය

අධ්‍යාපන කටයුතු වලට හා ලිපි ලේඛන ආශ්‍රිත වැඩ කටයුතු වලට වඩාත් සුභ දිනයක් වන අතර තාක්ෂණික මෙවලම් හා ව්‍යාපාර ආශ්‍රිතව බොහෝ ලාභ ලැබිය හැකි දිනයක්. හෙතුවක් නොමැතිව අන් අයගෙන් ඔබට චෝදනා හා ප්‍රශ්න ඇති විය හැකි දිනයක් වන නිසාම කල්පනාකාරීව ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                           ජය අංකය: 03

 

තුලා ලග්නය

අද දින ඔබට අන් අයගෙන් බොහෝ උදව් ලැබෙන දිනයක් වන අතර අන් අය තුල විශ්වාසයෙන් කරන ක‍ටයුතු සියල්ලක්ම සාර්ථක වන දිනයක්. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලට මෙන්ම නිර්මාණ කටයුතු වල සුභ දිනයක්. පරිපාලනය හා නායක්වත්වයට ඔබ වැඩි ඇල්මක් දක්වයි. කෙසේවුවත් කල්පනාකාරීව නිසි තීරණ මත කටයුතු කිරීමට වග බලාගන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                         ජය අංකය: 07

 

 

වෘශ්චික ලග්නය

 

තාක්ෂණික අංශයේ රැකියාවක නිරත වන්නන්ට ඉතාම සුභ දිනයක්. වැඩි ලාභද ඉපයිය හැකි දිනයක්. අන් අය සමග කරන ගනුදෙනු වලදී වඩාත් කල්පනාකාරී වන්න. ඔබගේ සෞඛ්‍ය තත්වයට අසුභ දිනයක් වන නිසාම ප්‍රවේසමෙන් හා ප්‍රතිකාර ගැනීමෙන් වැඩ කටයුතු සිදු කරන්න.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 07

 

 

ධනු ලග්නය

මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු වලට මෙන්ම ගුප්ත විද්‍යා ආදී කටයුතු වලට ඉතාම යහපත් දිනයක්. අන් අයගෙන් ප්‍රවෙසම්ව තරමක් කලප්නකාරිව කටයුතු කිරීම වැදගත්. සතුරු කරදර පවා වෙනදට වඩා වැඩි දිනයක්. කෝපයෙන් හා ඉක්මනින් තීරණ නොගන්න. ඉවසිල්වන්ත වීම හා අවංකව කටයුතු කලයුතු දිනයක්.

ජය වර්ණය: ලා කහ පැහැය                          ජය අංකය: 07

 

 

මකර ලග්නය

ඔබේ වැඩ කටයුතු අවුල් සහගත වීමට ඉඩ ඇති දිනයක්. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. අන් අය ආශ්‍රයේදී මෙන්ම අන් අයව විශ්වාසයෙන් කරන කටයුතු වලදී ප්‍රවේසම් වීම වැදගත්. කායික ශක්තිය දුර්වල වීමට වඩාත් ඉඩකඩ පවතින නිසාම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                             ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

අලුතින් යමක් කිරීමට හෝ ආරම්භ කිරීමට යහපත් දිනයක් වන අතර තම ගමෙන් ඈත්ව පිට පළාතක ඒවා ආරම්භ කරනවානම් ඒ සඳහා වඩාත් සුභ දිනයක්. තාන්ක්ෂණික මෙවලම් අශ්‍රිතව වැඩ කරන යට වඩාත් යෝග්‍ය දිනයකි. කෙසේවුවත් කලපනාකරිව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                           ජය අංකය: 07

 

 

මීන ලග්නය

ලිපි ලේඛන අශ්‍රිතව හා තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව කටයුතු කරන්නන්ට වඩාත් යෝග්‍ය දිනයක් වන අතර තරමක් කල්පනාකාරී වීමද වැදගත්. ඉක්මනින් රෝගාතුර වීමට ඉඩ ඇති නිසාම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ආදායම සුභ වන නමුත් වියදම් අධික වියහැකි දිනයක් විය හැකිය. මානසික පීඩා ඇතිවීමටත් වැඩි ඉඩකඩක් පවතින හෙයින් ඉවසීමෙන් හා ආගමානුකුලව වඩා කටයුතු සිදුකරගෙන යාම වඩාත් යෝග්‍යයි.

ජය වර්ණය: ලා කොළ පැහැය                                ජය අංකය: 09

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post