News Line| Off Air
Generic placeholder image

Jan
24

ජනවාරි 31, සඳ රතු වෙලා නිල් වෙයි.

2041 Views


ජනවාරි 31, සඳ රතු වෙලා නිල් වෙයි.

පෘථිවියේ තනියට ඉන්න පුංචි එකා. චන්ද්‍රයා. පෘථිවිය වටේ කැරකි කැරකි ඉන්න චන්ද්‍රයා ඉඳලා හිටලා පෘථිවියේ වැඩ වලටත් අත දානවා. වඩදිය බාදිය අැති වෙන්නේ එ් වෙලාවට.

පෝය දවසට පායක හඳ තමයි ලස්සනම. මොකද එදාට කිරි හටිටිය වගේ සම්පූර්ණයෙන්ම හද පායනවා. වෙන පෝය දවස්වලටත් පායන්නේ නැති සුපිරි සඳක් ජනවාරි 31 පායනවාලු. එ් “Super Blue Blood Moon” එකක් එදාට පායනවලු. සිංහලෙන් කිව්වොත් “සුපිරි නිල් රක්ත හඳක්”.

සාමාන්‍යයෙන් නිල් සඳ සහ රක්ත හඳ කාලෙකට සැරයක් බලා ගන්න පුළුවන්. එ්ත් නිල් හඳ සහ රක්ත හඳ එකට පායන්නේ ඉතාම කලාතුරකින්. නාසා අායතනය කියන්නේ අවුරුදු 2.7 කට සැරයක් කියලා මෙහෙම හඳක් පායන්නේ. සාමාන්‍ය හඳකට වඩා විශාලත්වයෙන් වගේම දීප්තියෙනුත් වැඩී.

සඳ පෘථිවිය වටා භ්‍රමණය වෙද්දී භූ සමීපකයට පත්වුණාම තමයි සුපිරි සඳක් පායන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post