News Line| Off Air
Generic placeholder image

Jan
24

“පුතාට හොඳට තේරෙනවා. හැබැයි රඟපානවා වැඩියි.” – රන්ජාට ඇහෙන්න මහාචාර්ය කාලෝ කියපු කතාව මෙන්න.

561 Views


“පුතාට හොඳට තේරෙනවා. හැබැයි රඟපානවා වැඩියි.” – රන්ජාට ඇහෙන්න මහාචාර්ය කාලෝ කියපු කතාව මෙන්න.

රන්ජන් රාමනායක මේ දවස්වල දේශපාලනයේ කැපී පෙනෙන තරුවක්. සිනමාවේ වගේම දේශපාලනයෙත් වීරයෙක් වෙන්න ගිය රන්ජන් කට නිසා මට්ටුවෙලා ඉන්නේ. එ් අධිකරණයට අපහාස කරා කියලා.

විජය කුමාරතුංග වගේම මාහාචාර්ය කාලෝ ෆොන්සේකා, රන්ජන්ට නෑකම වෙන්නේ මාමා. මේ දවස්වල අධිකරණයට අපහාස කිරීමේ නඩුවට රංජන් එක්ක මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් යනවා. නඩුව ඉවර වෙලා එළියට අාපු මහාචාර්යවරා රන්ජනුත් ලඟ තියාගෙන ඔහු ගැන චරිත සහතිකයක් දුන්නා.

“රන්ජන් කියන්නේ හොඳ පුතෙක්. එයා අසාධාරණයේදී කතා කරනවා. හැබැයි සමහර දේවල් ගැන ඕනෑවට වඩා රඟපානවා.” කියලයි තමන්ගේ ඥාතී පුත්‍රයාට මහාචාර්යතුමා කිව්වේ.

මහාචාර්යතුමා කිව්වා වගේම ජනතාවත් රන්ජන් ගැන දරන්නේ එ් වගේ අදහසක්. මාලුවා නහින්නෙත් කට නිසා කියනවානේ. රන්ජන්ටත් අද වෙලා තියෙන්නේ එ් වගේ වැඩක්.


News Articles
Latest Videos
Most Popular Post