News Line| Off Air
Generic placeholder image

Jan
25

මැතිව්ස් අධික මිලට. මාලිංග ලාභෙට.

965 Views


මැතිව්ස් අධික මිලට. මාලිංග ලාභෙට.

IPL කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරඟාවලිය. ක්‍රිකට් ලෝක කුසලානයක් තරමටම IPL ජනප්‍රියයි. මේ සැරෙත් IPL කණ්ඩායම් වලට ක්‍රීඩකයින් තෝරා ගන්න වෙන්දේසිය තියෙනවා.

මේ මාසේ 27 සහ 28 දවස් දෙකේ බැංගලෝර්වල තමයි වෙන්දේසිය තියෙන්නේ. වෙන්දේසියට නිර්දේශ වුන ක්‍රීඩකයින් 1172 ක් අතරින් වෙනදේසියට තෝරාගෙන තියෙන්නේ ක්‍රීඩකයින් 578 ක් විතරයි. එ් අතරිනුත් ලංකාවේ ක්‍රීඩකයෝ 18 යි වෙන්දේසියට තේරිලා ඉන්නේ

IPL සුපිරි තරුවක් වුණ ලසිත් මාලිංගව Mumbai Indians පිල මේ අවුරුද්දේ ඉවත් කරා. එ් නිසා මේ සැරේ වෙන්දේසියට යන්න මාලිංගටත් සිද්ධ වෙලා තියෙනවා. කෝටි 2.24 ක මූලික ලංසුවක් තමයි මාලිංගට ලැබෙන්නේ. වැඩිම වටිනාකමක් ලැබෙන ලාංකික ක්‍රීඩකයා තමයි අැන්ජලෝ මැතිව්ස්. ඔහුට කෝටි 4.4 ක අාරම්භක වටිනාකමක් ලැබිලා තියෙනවා. අනිත් ක්‍රීඩකයන්ට ඉදිරිපත් කරලා තියෙන මූලික ලංසුව කෝටි 1.12 ක්.

මේ තියෙන්නේ මේ පාර IPL වෙන්දේසියේ විකිණෙන ලංකාවේ ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව.

අැන්ජලෝ මැතිව්ස්
ලසිත් මාලිංග
නිරෝෂන් දික්වැල්ල
කුසල් පෙරේරා
අකිල ධනංජය
ලක්ෂාන් සඳකැන්
සචිත්‍ර සේනානයක
උපුල් තරංග
අසේල ගුණරත්න
තිසර පෙරේරා
ඩිල්ෂාන් මුණවීර
සීක්කුගේ ප්‍රසන්න
දසුන් ෂානක
දුෂ්මන්ත චමීර
නුවන් කුලසේකර
සුරංග ලක්මාල්
ධනංජය ද සිලවා
ඉසුරු උදාන


News Articles
Latest Videos
Most Popular Post