News Line| Off Air
Generic placeholder image

Jan
25

වසර 02 කට පසු ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයකට…

988 Views


වසර 02 කට පසු ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයකට…

පරාජයේ මාවතේ අතරමං වෙලා හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය මාවත හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු 02 කට පස්සේ ඵෙතිහාසික දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න ලංකාවට අද පුළුවන් වුණා. එ් තීරණාත්මක තරඟයෙන් බංගලාදේශයට දැවැන්ත පරාජයක් ලබා දීලා.

කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ නායකයා. පිටිය පරීක්ෂා කරපු ඔහු මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. විස්තර විචාරකයන් වගේම ක්‍රිකට් විශේෂඥයින් කිව්වේ අදත් බංගලාදේශයට පහසු ජයක් ලැබෙනවා කියලා. හැබැයි හැමෝගෙම අදහස් බොරු කරලා තරඟය උඩු යටිකුරු කරන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

බංගලි අාරම්භ පිතිකරුවන් දණ ගස්සන්න සුරංග ලක්මාල් සමත් වුණා. තමීම් ලකුණු 5 කටත්, එනමුල් ලකුණු නොලබාත්, මහමුදුල්ලා ලකුණු 7 කටත් දවා ගන්න ලක්මාල් සමත්වුණා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 26 යි. රහමන් ලකුණු 10 යි.

කාලෙකට පස්සේ ශ්‍රී ලංකා නායකයාට පන්දු යවන්නන් 4 දෙනෙකුගෙන් තරඟය අවසන් කරන්න පුළුවන් වුණා ලක්මාල් සුපිරි පන්දු යැවීමක නිරතවුණ සුරංග ලක්මාල් කඩුලු 3 ක් දවා ගත්තා. චමීර, තිසර සහ සඳකැන් කඩුලු 2 බැගින් දවා ගත්තා. පන්දු වාර 24 කදී බංගලි ඉනිම අවසන් වුණා. සියලු දෙනාම දැවී ලකුණු 82 යි ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ.

පහසු ඉලක්කයක් හඹා ගිය ලංකාවේ අාරම්භක පිතිකරුවන් පහසුවෙන් ජයග්‍රහණය ලබා ගත්තා. වේගයෙන් ලකුණු රැස්කල තරංග සහ දනුෂ්ක පන්දුවාර 12 කදී ඉලක්කය සපුරා ගත්තා. තරංග ලකුණු 39 යි. එ් එක් 4 පහරක් සහ දැවැන්ත 6 පහර 3 ක් එක්ක. ඔහුට හොඳ සහයක් ලබා දුන්න දනුෂ්ක ගුණතිලක ලකුණු 35 යි. එ් 4 පහර 3 ක් සහ දැවැන්ත 6 පහර 2 ක් එක්ක.

තරඟයේ වීරයා සුරංග ලක්මාල්. ලබන සෙනසුරාදා පැවැත්වෙන අවසන් මහා තරඟයට ලංකාවත් සුදුසුකම් ලැබුවා. බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තවත් සුපිරි තරඟයක් එදාට බලා ගන්න පුළුවන්.

 


News Articles
Latest Videos
Most Popular Post