News Line| Off Air
Generic placeholder image

Jan
26

ඉතිහාසයේ සිදු වූ දේ යළිත් සිදුවේද? හෙට තරඟයේ විශ්ලේශණාත්මක වාර්තාව මෙන්න.

13831 Views


ඉතිහාසයේ සිදු වූ දේ යළිත් සිදුවේද? හෙට තරඟයේ විශ්ලේශණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව කාලයකට පස්සේ මුහුණ දෙන තීරණාත්මක තරඟයක් හෙට පැවැත්වෙනවා. එ් බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් සටනේ අවසන් මහා තරඟය. ඊයේ තිබ්බ තරඟයෙන් සුපිරි ජයක් ලබා ගත්ත ලංකාව බංගලාදේශය සමඟමයි අවසන් මහා තරඟයේ සටන් වදින්නේ. පහුගිය කාලයේ පස්සට තියපු අඩිය අායෙත් ඉස්සරහට අරන් තියෙන බවක් අවසන් තරඟ දෙකේදී දැක්කා. හෙට තරඟයට කලින් ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර එක්දින තරඟ ඉතිහාස හාරා අවුස්සන්න අපි හිතුවා.

මේ දක්වා ලංකාව සහ බංගලාදේශය එක්දන තරඟ 43 කදී සටන් වැදිලා තියෙනවා. ඉන් තරඟ 35 ක් ලංකාව දිනලා තියෙනවා. හැබැයි බංගලාදේශයට දිනන්න පුළුවන් වෙලා තියෙන්නේ තරඟ 6 ක් විතරයි. එ් නිසා හෙට තරඟයේත් වැඩි වාසි තියෙන්නේ ලංකාවට. ලංකාව, බංගලාදේශයට එරෙහිව තරඟ ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 85.36% ක්.

බංගලාදේශයට එරෙහිව ඉනිමකදී ලංකාව ලබාගෙන තියෙන වැඩිම ලකුණු ගණන 357 ක්. බංගලාදේශය ලංකාවට එරෙහිව ලබා ගෙන තියෙන වැඩිම ලකුණු ගණන 324 ක්. එ් තුන්කොන් සටනේ ලංකාව එක්ක තිබ්බ පළවෙනි තරඟයේදී. බංගලාදේශයට එරෙහිව ලංකාව ලබාගෙන තියෙන අඩුම ලකුණු ගණන 147 ක්. බංගලාදේශ කණ්ඩායම ලකුණු 76 කට දවා ගන්න එක අවස්ථාවකදී පුළුවන් වෙලා තියෙනවා.

උපුල් තරංග තමයි හෙට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා බලඅැණියේ බංගලාදේශයෙන් වැඩිම ලකුණු උදුර ගත්ත පිතිකරුවා. ඔහු බංගලාදේශයට එරෙහිව ලකුණු 823 ක් ලබා ගෙන තියෙනවා. හෙට තරඟයේදී තමීම් ඉක්බාල්ගෙන් තමයි ලංකාව වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. තමීම් ලංකාවට එරෙහිව ලකුණු 640 ක් රැස් කරලා තියෙනවා.

පන්දු යවන්නන් දිහාට හැරුනොත් මොටාසා තමයි ලංකාවේ ප්‍රධානම භීතිකාව වෙන්නේ. ඔහු ලංකාවේ එක්දින කඩුලු 23 ක් දවා ගෙන තියෙනවා. ඊයේ තරඟයේදී බංගලි ක්‍රීඩකයින් දණ ගස්සපු සුරංග ලක්මාල් බංගලාදේශයට එරෙහි දඩයක්කාරයා වෙලා තියෙනවා. ලක්මාල් බංගලාදේශයේ එක්දින කඩුලු 16 ක් දවා ගෙන තියෙනවා.

ඔය විදියට තමයි ලංකාව සහ බංගලාදේශය අතර එක්දින සටන් ප්‍රථිඵල දැක්වෙන්නේ. පිත්තෙන් වගේම පන්දුවෙනුත් ලංකාව ඉදිරියෙන් ඉන්නවා. එ් නිසා හෙට තරඟයේ වැඩි වාසි තියෙන්නේ ලංකාවට. අළු ගසා නැගිටින සිංහයන් හෙට තරඟයත් විශිෂ්ඨ ජයක් ලබාවි කියලා බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post