News Line| Off Air
Generic placeholder image

Jan
27

අවසන් මහා තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

750 Views


අවසන් මහා තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ව්‍යාග්‍රයන්ට එරෙහිව සිංහයින් සටන් වදින දවස අද. බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් සටනේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත් වෙනවා. සටන පැවැත්වෙන්නේ ඩකා පිටියේ. ලංකාවේ වේලාවෙන් උදේ 11 ට තරඟය අාරම්භ කරන්න නියමිතයි. ඊට කලින් ඩකා පිටියේ වාසිය කාටද කියලා අපි හොයලා බැලුවා.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය ඩකා පිටියේ 11 වතාවක් මුණ ගැහිලා තියෙනවා. ඉන් තරඟ 8 ක් ලංකාව ජයග්‍රහණය කරනවා. බංගලාදේශය දිනලා තියෙන්නේ තරඟ 3 ක් විතරයි. තරඟ ඉතිහාසය අනුව නම් බංගලාදේශයට වඩා ලංකාවට ඩකා පිටිය වාසි සහගතයි.

ලංකාව ඩකා ක්‍රීඩාංගණයේ ලබාගෙන තියෙන වැඩිම ලකුණු ගණන 289 ක්. අද ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩකා පිටියේ වැඩිම ලකුණු ලාභියා උපුල් තරංග. ඔහු ලකුණු 421 ක් ලබාගෙන තියෙනවා. තිසර පෙරේරා ලකුණු 299 ක් රැස් කරගෙන තියෙනවා. ඩකා පිටියේ චන්දිමාල් ලබාගෙන තියෙන ලකුණු ගණන 225. ඩකා පිටියේ දස්කම් දක්වපු ලංකාවේ හොදම පන්දු යවන්නා තිසර. ඔහු කඩුලු 26 ක් ඩකා පිටියේදී දඩයම් කරලා තියෙනවා.

පිටියේ වැඩි වාසි හිමිවෙලා තියෙන්නෙත් ලංකාවට. අපි ඊයේ ඔබට කිව්වා ශ්‍රී ලංකා, බංගලාදේශ එක්දින ඉතිාහසය ගැනත්. මේ වාර්තා දෙකම අනුව අද තරඟය ලංකාව දිනන්න වැඩි අවස්ථා තියෙනවා. වසර 2 කට පස්සේ තමයි ලංකාව අවසන් මහා තරඟයකට සහභාගී වෙන්නේ. එ් වගේම අවුරුදු 2 කින් ලංකාව අවසන් මහා තරඟයක් දිනලාත් නෑ. අද තරඟයත් සිංහ පැටවුන්ට ජය ගන්න පුළුවන් වෙන්න කියලා සියත 24 අපි ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post