ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් මහා සටන ඩකා ක්‍රීඩාංගණයේදී අාරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්තෙ ශ්‍රී ලංකා නායකයා. තණතිල්ලේ වාසිය අනුව මුලින්ම පන්දුවට පහර දෙන්න ඔහු තීරණය කරා. ලංකාවේ ඉනිම අාරම්භ කරේ උපුල් තරංග සමඟින් දනුෂ්ක ගුණතිලක.
ගුණතිලක ලකුණු 6 කට දැවී ගියා. ඊට පස්සේ පිටියට අාපු කුසල් මෙන්ඩිස් වේගවත් ප්‍රහාරයක් එල්ල කරා. 4 පහර 2 ක් සහ 6 පහර 3 එක්ක ඔහු ලකුණු 28 ක් ලබා ගත්තා. තරංග සහ දික්වැල්ල ස්ථාවර ඉනිමක් ගොඩනගන්න සමත් වුණා. දික්වැල්ල ලකුණු 42 යි. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වුණ තරංග ලකුණු 56 ක් ලබා ගත්තා. ඊට 4 පහර 5 ක් අැතුලත් වුණා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරපු චන්දිමාල් ලකුණු 45 යි.
ලංකාවේ පසුපෙළ පිතිකරුවන් කාටවත් සාර්ථක වෙන්න අවස්ථාව ලැබුණේ නෑ. අසේල ගුණරත්න ලකුණු 6. ධනංජය 17 යි. තිසරට අද ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 7 ක් විතරයි. ශ්‍රී ලංකා පිතිකරුවන් 4 දෙනෙක්ම දඩයම් කර ගන්න රුබෙල්ට පුළුවන් වුණා. මුස්ටාෆිසූර් කඩුලු 2 යි. පන්දුවාර 50 අවසන් වෙද්දී ලංකාවට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 221 යි.
බංගලාදේශයට ජයග්‍රහණය සදහා ඩබල් නෙල්සන් ඉලක්කයක් ලැබිලා තියෙනවා. ඔවුන්ට ලකුණු 222 ක් ජයග්‍රහණය සදහා අවශ්‍යයි. හොඳ තරඟයක් දෙන්න ලංකාවට එ් ලකුණු ප්‍රමාණවත්. දැන් තරඟය තියෙන්නේ ලංකාවේ පන්දු යවන්නන් අතේ. අපි බලමු ලංකාවේ පන්ද්‍ර යවන්නන්ට ඵෙතිහාසික ජයග්‍රහණය ලංකාවට ලබා දෙන්න පුළුවන් වෙයිද කියලා.
කොහොම වුනත් මේ වෙද්දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 17 කට කඩුලු 02 ක්.