News Line| Off Air
Generic placeholder image

Jan
28

ධර්මසේන පතිරාජයන් ජීවිත සිනමාවෙන් සමුගනී.

594 Views


ධර්මසේන පතිරාජයන් ජීවිත සිනමාවෙන් සමුගනී.

හෙළ සිනාම නඟා සිටුවන්න බොහෝ කලාකරුවන් දායක වුණා. එ් අතරින් කැපී පෙනෙන චරිතයක් තමයි ධර්මසේන පතිරාජ කියන්නේ. හෙළ සිනමාවට සුවිශේෂී මෙහෙවරක් කළ එතුමා ජීවිත සිනමාවෙන් සමුගත්තා.

මිය යන විට එතුමා 75 වන වියේ පසු වුණා. කාලයක් තිස්සේ රෝගාතුරව සිටි එතුමන් මහනුවර පිහිටි එතුමාගේ නිවසේදී අභාප්‍රාප්ත වුණා කියලයි ඥාතීන් සඳහන් කලේ. 1943 මාර්තු මාසයේ 28 වන දා තමයි මේ උත්තම පුරුෂයා උපත ලබන්නේ. 1974 වසරේදී අහස් ගව්ව චිත්‍රපටියෙන් එතුමා සිනමාවට අත්පොත් තබනවා.

සම්මානනීය චිත්‍රපටි රැසක් එතුමාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙනවා. ඹබරු අැවිත්, සොල්දාදු උන්නැහේ, පාරදිගේ සහ සක්කාරං එ් අතරින් විශේෂයි. ලංකාවේ දමිළ සිනමාවේ උපත සිද්ධ වෙන්නේත් ධර්මසේන පතිරාජ ශූරීන් අතින්. ලංකාවේ පළමු දමිළ චිත්‍රපටිය වන “පොන්මනී” අධ්‍යක්ෂණය කරන්නේත් එතුමා.

රීදී තිරය වගේම පුංචි තිරයත් ජය ගන්න ධර්මසේන පතිරාජ ශූරීන් සමත් වෙනවා. අැල්ල ළඟ, වලව්ව සහ මායා එ් අතරින් කිහිපයක්. චිත්‍රපටි පිළිබඳව අාචාර්ය උපාධියක් ලබපු පළවෙනි ශ්‍රී ලංකිකයාත් ඔහු. එතුමාගේ දේහයේ අවසන් කටයුතු අද හවස මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිද්ධ වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post