News Line| Off Air
Generic placeholder image

Jan
28

බීලා වාහන එළවන අය අල්ලන්න පොලීසියට ගෙනාපු අලුත්ම ගැජට් එක මෙන්න.

748 Views


බීලා වාහන එළවන අය අල්ලන්න පොලීසියට ගෙනාපු අලුත්ම ගැජට් එක මෙන්න.

බීමත්ව රිය ධාවනය නිසා වසරකට ලංකාවේ සිද්ධ වෙන ජීවිත හානි ගණන සිය ගණනක්. එ් නිසා බීලා වාහන එළවනවද කියලා හොයන්න පොලීසිය බැලුම් පුම්බන්න දෙනවා. හැබැයි එ් කඩේ ගන්න තියෙන බැලූන් නම් නෙවෙයි. මත්පැන් බීලාද කියලා හොයන්නම හදපු විශේෂ බැලූන් එකක්.

මත්පැන් බීලා අැවිත් මේ බැලුම පිම්බුවාම බැලුමේ පාට වෙනස් වෙනවා. ශ්‍රී ලංකා පොලීසිය කාලයක් තිස්සේ පාවිච්චි කරන්නේ මේ ක්‍රමය. නමුත් මේ ක්‍රමයේ අඩුපාඩු තියෙනවා.

එ් නිසා ලෝකයේ මේ වෙද්දී ඊට වඩා දියුණු උපකරණයක් භාවිතා කරනවා. “බ්‍රිත්ලයිසර්” නම් වුණ මේ උපකරණ 50 කඅ ශ්‍රී ලංකා පොලීසියටත් ගෙන්නලා. බ්‍රිත්ලයිසරයේ තියෙන නළයට කට තියලා තත්පර 5 ක් ප්‍රශ්වාස වාතය පිට කරන්න ඕන. එතකොට මේ උපකරණයේ ඩිජිටල් තිරයේ කොච්චර මද්‍යසාර ප්‍රමාණයක් රුධිරයේ තියෙනවද කියලා පෙන්වනවා.

දියුණු තාක්ෂණයක් තියෙන බ්‍රිත්ලයිසරයේ දත්ත කාටවත් වෙනස් කරන්න බෑ. එ් නිසා බීලා වාහන පදවලා මාට්ටු වුණාම පොලීසියට පගාව දීලා මාරු වෙන්න බෑ. මිනුම් එ්කක සහ ප්‍රමිති සේවා දෙපාර්තුමේන්තුව ලංකාවට ගෙන්නපු උපකරණ වලට මුරපදයක් දාලයි තියෙන්නේ. එ් නිසා පොලීසියට උපකරණයේ නඩත්තු කරන්න ඕන නම් මිනුම් එ්කක දෙපාර්තුමේන්තුවට කියලා මුරපදය ඉවත්.කර ගන්න ඕන. දැන් නම් ඉතිං බීලා පොලීසියට වෙට්ටු දාලා ඉවරයි.


News Articles
Latest Videos
Most Popular Post