News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

මහ බැංකුව අගමැතිගෙන් ගලවා මංගලට දෙයි.?

936 Views


මහ බැංකුව අගමැතිගෙන් ගලවා මංගලට දෙයි.?

මහ බැංකුවේ බැදුම්කර වංදාව ගැන පහුගිය කාලයේ රටේ ලොකු අාන්දෝලනයක් අැති කරා. තාමත් දේශපාලන පිටියෙන් එ් උණුසුම ගිහින් නෑ. පෙබරවාරි 08 වෙනිදා බැදුංකර වංචාව ගැන කොමිසම දුන්න වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා.

මේ අතරේ ජනාධිපතිතුමා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තියෙන මහ බැංකුව මුදල් අැමති මංගල සමරවීර මහතාට දෙන්න යනවා කියලා අාරංචි වෙනවා. ජනධිපතිතුමා පහුගිය දවසක කිව්වේ රටේ අාරථිකය තමාගේ අතට ගන්නවා කියලා. එ් නිසා මහ බැංකුව අගමැතිතුමාගෙන් ගලවපා මුදල් අැමතිට දෙන්න හදනවා කියලයි දේශපාලන ලෝකයේ කතජ වෙන්නේ.

සම්මුතිවාදී අාණ්ඩුවේ ගිවිසුම මේ වෙද්දී කල් ඉකුත්වෙලා තියෙන්නේ. එ් නිසා ජනාධිපතිතුමා සියලුම පක්ෂ එකුත් කරගෙන “භාරකාර අාණ්ඩුව” නමින් පාර්ලිමේන්තුවම නම් කරන්න උත්සහා කරනවාලු. විශේෂ ව්‍යවස්ථා ප්‍රතිසංස්කණයක් එ් වෙනුවෙන් ගේන්නත් සූදානම් වෙනවා. ඉදිරි අවුරුදු 02 සදහා තමයි මේ භාරකාර අාණ්ඩුව පිහිටුවන්නේ. එ් අාණ්ඩුවෙත් අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාමයි. හැබැයි ඔහුගේ බලතල බරපතල විදියට කප්පාදු කරනවාලු.

Infosrilankanews අැසුරෙන්.


News Articles
Latest Videos
Most Popular Post