2018 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය මේ දවස්වල සිද්ධ වෙනවා. මේ වෙන්දේසියට ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙක්ගේ නම් අැතුලත් වෙලා තියෙනවා. එ් අතරට මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ඉවත් කරපු ලසිත් මාලිංගත් අැතුළත්.
ඊයේ IPL වෙන්දේසියේ පළවෙනි වටය තිබ්බෙ. පළවෙනි වටයේදී හැමෝම කතාබහ කරපු සිදු වීමක් තිබ්බා. එ් තමයි ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල්ව කවුරුවත්ම මිලදී ගත්තේ නැති එක. ලසිත් මාලිංග කියන්නේ IPL ඉතිහාසයේ සුපිරිම පන්දු යවන්නා. එ් වගේම IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබියාත් ඔහුයි. IPL ඉතිහාසයේ වැඩිම ලකුණු ලාබියා ක්‍රිස් ගේල්. ඔහුවත් වෙන්දේසියේ පළවෙනි වටයෙන් කිසිම කණඩායමක් මිලදී ගත්තේ නෑ.
අද IPL ක්‍රීඩක වෙන්දේසියේ දෙවෙනි වටය පැවැත් වෙනවා. මේ වටයෙන් මාලිංග සහ ගේල් කිසිම කණ්ඩායමක් මිලදී ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි එහෙම නොවුනොත් IPL ඉතිහාසයේ සුපිරිම පන්දු යවන්නාට සහ පිතිකරුවාට IPL තරඟාවලිය අහිමි වෙනවා. මේ දක්වා ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක් වෙන්දේසි නොවීමත් විශේෂයක්.