News Line| Off Air
Generic placeholder image

Jan
30

ජනතාවගේ ඉල්ලීම මත ටෙනිසන් කුරේ මාතර මහ නගර සභාවට.

5497 Views


ජනතාවගේ ඉල්ලීම මත ටෙනිසන් කුරේ මාතර මහ නගර සභාවට.

ටෙනිසන් කුරේ, ලංකාවේ විකට රජා. “විකට රංගනයෙන් ලංකාවම හිනස්සපු ටෙනිසන් දේශපාලනයට එනවා.” “ටෙනිසන් මාතර මහ නගර සභාවට එනවලු.” මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලවල කතා වෙන්නේ ඔය ගැන.

එ් නිසා සියත 24 අපි මේ කතාවේ අැත්ත නැත්ත හොයලා බැලුවා. අැත්තටම ටෙනිසන් මාතරට එනවද? ඔව්, හැබැයි ඡන්දෙ ඉල්ලන්න නම් නෙවෙයි. “සිවම්මා ධනපාල” පෙන්නන්න.

ටෙනිසන් කුරේ රඟපාන සිවම්මා ධනපාල නාට්‍ය ලංකාව පුරාම ගොඩක් ජනප්‍රිය වුණා. එ් නිසා තවත් දර්ශන වාරයක් මාතරදී පැවැත් වෙනවා. පෙබරවාරි 17 වන සෙනසුරාදා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී තමයි නාට්‍ය පෙන්වන්නේ. හවස 3.30 ට සහ 6.30 ට දර්ශන වාර දෙකක් පැවැත් වෙනවා.

ටෙනිසන් කුරේට අාදරය කරන, ඔහුගේ විහිළු වලට අාස කරන හැමෝම එදාට මාතරට එන්න. හිනා සාගරයක කිමිදෙන්න ඔබටත් පුළුවන්.

https://www.facebook.com/137015687010680/videos/146601369385445/


News Articles
Latest Videos
Most Popular Post