News Line| Off Air
Generic placeholder image

Jan
30

“මම කෝලිට කැමතියි” – රිතූ අාකර්ෂා කියයි.

1053 Views


“මම කෝලිට කැමතියි” – රිතූ අාකර්ෂා කියයි.

ජනතාවගේ අාර්ශණය නොඅඩුව ලැබෙන කෙනෙක් තමයි රිතූ අාකර්ෂා. රිතු නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ගොඩක් අය කැමතීනේ කලා ලෝකයේ තරු වැඩියෙන්ම කැමති මොනවටද කියලා දැන ගන්න. රිතූ අාකර්ෂා වැඩියෙන්ම කැමති මොනටද කියලා සති අන්ත පත්තරයක් අහලා තිබ්බා.

රිතූගේ කැමතිම නළුවා ගාමිණී ෆොන්සේකා. හැබැයි කැමතිම නිළිය නම් ඉන්දියාවේ කෙනෙක්. එ් අනුෂ්කා ෂර්මා. ටී. එම්. ජයරත්නට තමයි ගායකයන්ගෙන් වැඩියෙන්ම කැමති. රිතූ කැමතිම ගායිකාව නම් රයිනි ගුණතිලක. රිතුට ලංකාවේ ක්‍රීඩකයන්ට නම් හිත ගිහින් නැද්ද කොහෙද. මොකද විරාත් කෝලිට තමයි අැය වැඩියෙන්ම කැමති.

පරිවර්තන පොත් කියවන්න ගොඩක් කැමතී කියලයි රිතූ කියන්නෙ. විශේෂයෙන්ම කැමතී කියලා චිත්‍රපටයක් නෑලු. හැබැයි රේන්ජ් රෝවර් එකක් තිබ්බා නම් හොදයි කියලයි අැය කියන්නේ. බලු සරතලුන්ට තමයිලු වැඩියෙන්ම කැමති. ගොඩක් තරූණියන් රෝස, රතු, කහ වගේ පාට වලටනේ කැමති. එ් වුණාට රිතූ නම් කැමති කළු පාටට.

ඩෙනිමයි ටී ෂර්ට් එකයි තියේ නම් රිතූට ඕන තැනක යන්න ප්‍රළුවන්ලු. සිංගප්පරුවට යන්න තියේ නම් ගොඩක් කැමතී කියලයි අැය කියන්නේ. හැමෝටම වගේම රිතූටත් විවේකීව ඉන්න කැමතිම එයාගේ කාමරයේ.


News Articles
Latest Videos
Most Popular Post