චන්ද්‍රියා කියන්නේ පෘථිවියේ මල්ලි වගේ. පෘථිවිය වටේ කැරකෙන ගමන් පස්සෙන්ම එනවා. එ් අතරේ පෘථියට පොඩි පොඩි බලපෑමුත් කරනවා. හෙට නවම් පුර පසලොස්වක පෝය.
පෝය දවසට හඳ ලස්සනට පායනවා නේ. හැබැයි හෙට පායන හඳ තවත් සුවිශේෂයි. එ් හෙට පායන්නේ “සුපිරි නිල් රක්න හඳක්,” දන්න සිංහලෙන් කිව්වොත් “Super Blue Blood Moon” එකක්. ගොඩාක්ම විරල හදක් තමයි හෙට පායන්නේ.
එ් වගේම තවත් විශේෂ සිදුවීමක් හෙට වෙනවා. එ් ඉතා දුර්ලබ චන්ද්‍රග්‍රහණයක්. සාමාන්‍යයෙන් පුර පසළොස්වක පෝය දවසට චන්ද්‍රග්‍රහණ වෙන්නේ ඉතාම කලාතුරකින්.
අාතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ හෙට පායන හඳේ අාලෝකය 14% කින් වැඩී කියලා. හෙට තියෙන චන්ද්‍රග්‍රහණය නැගෙනහිර ක්ෂිතිජයට අාසන්නයේ පස්වරු 6.21 ත් රාත්‍රී 7.37 දක්වා බලා ගන්න පුළුවන්. චන්ද්‍රග්‍රහණයේ උච්චතම අවස්ථාව පස්වරු 6.59 ට දිස්වෙනවා.