අද ලග්න දෙකක් දණහිස ආශ්‍රිත රෝග තියෙනම් අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
833 Views
අද ජනවාරි මස 31 වන බදාදා
නවම් පුර පසළොස්වක පොහොය දිනය
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.24 සිට 01.52 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 12.24 සිට අලුයම 01.55 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නිරිත
මේෂ ලග්නය

අද දිනය ඔබට සැහැල්ලුවෙන් හා ශාන්තියෙන් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. ආගමට දහමට වැඩියෙන් යොමු වන දිනයක්. කාය ශක්තියද වෙනදට වඩා වැඩි වන දිනයකි. සමාජ ගෞරවයද අන් අයගේ ආකර්ශනයද නොමදව ලබෙන දිනයක්. වැඩිහිටියන්ගේ උපදෙස් මත කල්පනාකාරීව ක්‍රියා කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 06
වෘෂභ ලග්නය

කල්පනාකාරීව ඉවසිලිවන්තව වැඩ කලයුතු දිනයක්. මානසික පීඩා හා කායික පීඩාද ඇතිවිය හැකි දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් ඉවසිලිවන්ත වීම වැදගත් වන අතර සෞඛ්‍ය පිලිබඳවද වෙනදට වඩා වැඩි සැළකිල්ලක් දැක්වීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05
මිථුන ලග්නය

ඔබේ විවාහ ජීවිතය පිළිබඳව තිබූ දුක් කම්කටොලු වියැකී යන දිනයක්. තාක්ෂණික අංශ වලින් දියුණුවක් ලැබිය හැකි දිනයක්. ඔබෙන් අන් අයට උදව් ලැබෙන අසල්වාසීන්ගෙන් උදව් ලැබෙන දිනයක්. කලා නිර්මාණ වලටද ඉතාම යහපත් දිනයක් වන අතර සන්සුන්ව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
කටක ලග්නය

වෙනදට වඩා සාර්ථක තීන්දී තීරණ ගන්න, මානසික ශක්තිය යහපත් වන දිනයක්. තරග ආදියෙන් ජයග්‍රහණ ලබාගැනීමේ හැකියාව පවතින දිනයක්. තමන්ගේ පවුල සමඟ වෙනදට වඩා කාලය ගත කරන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයක්. සෙම් සහිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් වැදගත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 07
සිංහ ලග්නය

ඉවසිලිවන්තව හා කල්පනාකාරීව වැඩ කළ යුතු දිනයක්. පවුල සම්බන්ධව ප්‍රශ්න ඇතිවිය හැකි අතර අධ්‍යාපන වැඩ කටයුතු වලටද එතරම් සුභ දිනයක් නොවෙයි. කෙසේවුවත් වෙනදට වඩා නිරෝගී සුවයෙන් දිනය ගත කිරීමේ හැකියාව පවතින දිනයකි. සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

ජීවිතයට නව බලාපොරොත්තු හා අදහස් ඇතිවන දිනයකි. ඒවා යතාර්ථයක් කරගැනීමට මහන්සි වී වැඩ කළයුතු දිනයක්. ලිපි ලේඛන හා මුල්‍ය පරිපාලනය සම්බන්ධ කටයුතු වලදී වඩාත් සැලකිලිමත් වන්න. උගත් උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයක් වන අතර ඔවුන්ගෙන් උදව් ලැබෙන දිනයක්. අන් අයට උදව් කිරීමේදී තරමක් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
තුලා ලග්නය

තරහව හා වෛරය යටපත් කරගෙන වැඩ කටයුතු සිදු කිරීමට වගබලාගන්න. අසල්වැසියන් වෙනුවෙන් කරන උදව් නිසාම චිත්ත පීඩා හා චෝදනා විඳීමට සිදුවන දිනයක්. එබැවින් කල්පනාකාරී වන්න. දණහිස ආශ්‍රිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරනවානම් වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
වෘශ්චික ලග්නය

කිසිම හේතුවක් නොමැතිව අවලාද, අපහාස හා චෝදනා ඇසීමට සිදුවන දිනයකි. ඔබේ අන් අයගේ යහපතට කරන දේම ඔබේ අයහපතට හේතු වීමට ඉඩ ඇති දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. ඉවසීමෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 06
ධනු ලග්නය

කාර්යබහුලත්වයක් ඇති වන දිනයකි. ඒ නිසාම වැඩි මහන්සියක් දැනෙන දිනයකි. මුල්‍යමය කටයුතු වලට හා පරිපාලනමය කටයුතු වලට ඉතාම සුභ දිනයකි. අසල්වාසීන් වෙනුවෙන් මහන්සි වීමට සිදුවන දිනයකි. කොන්ද තුනටිය ආශ්‍රිත ලෙඩ රෝග තිබීනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 03
මකර ලග්නය

තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වීම හා ඉවසිලිවන්ත විය යුතු දිනයකි. ආත්ම විශ්වාසයෙන් කටයුතු කලයුතු දිනයකි. ජයග්‍රහණ අපේක්ෂාවෙන් වැඩ කරන්න. නියත ජය ලබාගැනීමට හැකි දිනයක්. හවුල් ව්‍යාපාර කටයුතු වලදී කල්පනාකාරී වන්න. ඉවසිලිවන්තව මෙන්ම තමන් පිළබඳව විශ්වාසයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 06
කුම්භ ලග්නය

තම ආර්ථික ශක්තිය දියුණු වන දිනයකි. අන් අය අතර පිළිගැනීමට ලක්වන දිනයකි. බොහෝ දෙනාගේ ආදරය, ආකර්ශනය හා තමන්ට වඩා උගත්, උසස් පුද්ගලයන්ගේ උදව් ලැබෙන දිනයකි. සතුරු පීඩා වලට එරෙහිව කටයුතු කරන්න. ඒවා අවම වී යන දිනයකි. පවුලෙන් හා අස්ලවාසින්ගෙන් බොහෝ උදව් බලාපොරොත්තු විය හැකි දිනයකි. වඩාත් සැලකිල්ලෙන් හා ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
මීන ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල අලසකමක් දක්වන දිනයකි. එබැවින් වෙනත් අංශ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන දිනයකි. ආගමට දහමට මෙන්ම විනෝදාත්මක කටයුතු වලටද කැමැත්තක් ඇතිවන දිනයකි. කල්පනාකාරීව, ඉවසිලිවන්තව හා සැලසුම් සහිතව වැඩ කටයුතු කිරීම මගින් දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතියි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353