News Line| Off Air
Generic placeholder image

Jan
31

ඉන්දීය රුපියල් කෝටි 56කට වැඩියෙන් උපයපු “පද්මාවත්” ට ආපහු තහනමක්.

1826 Views


ඉන්දීය රුපියල් කෝටි 56කට වැඩියෙන් උපයපු “පද්මාවත්” ට ආපහු තහනමක්.

ඉන්දියාව තුළ ආන්දෝලනයට තුඩු දීපු චිත්‍රපටයක් තමයි “පද්මාවතී” කියන්නේ. මොකද මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන කථාව වෙන්නේ මුස්ලිම් – හින්දු සහ සම්බන්ධය නිරූපණය කරන ඓතිහාසික වෘත්තාන්තයක්. කොහොම වුනත් මේ චිත්‍රපටයේ නම “පද්මාවත්” කියල නම වෙනස් කරලා, චිත්‍රපටයේ දර්ශන වලත් සංශෝධන එක්ක පහුගිය 25 වනදා ඉඳන් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරා.

ඉන්දීය සම්භවයක් සහිත විශාල ජන කොටසක් ඉන්න මැලේසියාව, හින්දි චිත්‍රපට සඳහා ප්‍රධාන වෙළෙඳපොලක් ලෙස සැලකෙනවා. ඒ වුනත් “පද්මාවත්” චිත්‍රපටය මැලේසියාව තුළ ප්‍රදර්ශනය කිරීම, තහනම් කරල තියෙනවා. මේකට හේතුව විදිහට මැලේසියාවේ චිත්‍රපට පාලක මණ්ඩලය කියල කියන්නේ මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන මැලේසියාවේ, මේ චිත්‍රපටය ඉස්ලාම් දහමට සංවේදිවන නිසා ප්‍රදර්ශනය සඳහා අනුමත කරන්න බැහැ කියලයි.

මැලේසියාවේ චිත්‍රපට පාලක මණ්ඩලයට පුළුල් බලතල තියෙන නිසා, එහි තීන්දු අධිකරණය ඉදිරියේ හෝ අභියෝග කරන්න බැහැ. කොහොම වුනත් “පද්මාවත්” චිත්‍රපටය මැලේසියාව විසින් මෙහම තහනම් කරාට එය ප්‍රදර්ශනයේ මුල් දින 03 තුළ ඉන්දීය රුපියල් කෝටි 56කට වැඩි ප්‍රමාණයක් උපයලා තියෙනවා.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්…

https://youtu.be/8YaF2m7hCx0


News Articles
Latest Videos
Most Popular Post