News Line| Off Air
Generic placeholder image

Jan
31

නිදහස් දිනයේදී 1,000 නෝට්ටුවට වෙන දේ මෙන්න. (PHOTOS)

2522 Views


නිදහස් දිනයේදී 1,000 නෝට්ටුවට වෙන දේ මෙන්න. (PHOTOS)

හරියටම තවත් දවස් 04 කිහිපයකින් ශ්‍රීලංකාවේ 70 වෙනි නිදහස් දිනය අභිමානයෙන් සමරනවා. ඉතින් 2018 පෙබරවාරි 04 වැනි දිනට යෙදීල තියෙන ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රු.1,000/-ක වටිනාකමින් යුතු සංසරණ තත්වයේ තියෙන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරල තියෙනවා.

මේ මුදල් නෝට්ටුව මහ බැංකුව විසින් නිකුත් කරපු 4 වැනි සමරු මුදල් නෝට්ටුව වෙනවා. සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ තියෙන 11 වැනි කාණ්ඩයට අයත් රු.1,000/-ක වටිනාකමින් යුතු ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමානයි.ව්‍යවහාර මුද්ල නෝට්ටුවේ වම්පස පහළ කෙළවරේ සමනළගේ රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනයක් යොදල තියෙනවා.

ඒ වගේම මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය යොදා තියෙනවා. නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගයත් යොදල තියෙනවා.

කොහොම වුනත් නෝට්ටුවේ පිටුපස්සේ දැනට සංසරණයේ තියෙන රු.1,000 ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ තියෙන රූප ඒ විදිහටම තියෙනවා කියල මහ බැංකුව කියනවා.


News Articles
Latest Videos
Most Popular Post