News Line| Off Air
Generic placeholder image

Feb
1

ලග්න දෙකක පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට අද සුභ දවසක්. ඔබේ ලග්නයට අද කොහොමද කියලා මෙතනින් බලන්න.

600 Views


ලග්න දෙකක පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට අද සුභ දවසක්. ඔබේ ලග්නයට අද කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 පෙබරවාරි මස 01 වනදා

රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.52 සිට 03.21 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.55 සිට 03.26 දක්වා 

සුභ දිශාව: උතුර

 

 

 

 

මේෂ ලග්නය

අවංකව හා ප්‍රතිපතිගරුකව මෙන්ම යුක්ති සහගතව වැඩ කළහැකි දිනයකි. අන් අයට උදව් උපකාර කරන දිනයක්. සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ අවස්ථාව උදාවන දිනයක්. විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා උත්සාහ කිරීමට ඉතාම සුභ දිනයක්. කෙසේවුවත් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා රෝස පැහැය                     ජය අංකය: 04

වෘෂභ ලග්නය

ආගමනුකුල භක්තිය වෙනදට වඩා වැඩි දිනයකි. ගමන් බිමන් ඇතිවන අතර නව මිතුරන් හමුවන දිනයක්. සියලුම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයක්. සුභ මංගල යෝගද ඇතිවන දිනයක්. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.

ජය වර්ණය: ලා දම් පැහැය                                 ජය අංකය: 03

මිථුන ලග්නය

කලා කටයුතු වල හා නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයක් වන අතර මාධ්‍ය කටයුතු වලටද, චිත්‍රපට කර්මාන්තයේ නියලෙන්නන්ටද ඉතාම සුභ දිනයකි. නව නිර්මාණ වලට වෙහෙසවී වැඩ කරන්න. අන් ය අතර ජනප්‍රිය වන දිනයකි. කරන වැඩ කටයුතු සියල්ලක්ම මහන්සි වී සිදු කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                         ජය අංකය: 02

 

කටක ලග්නය

අවංකව හා ඉතාම ඉවසීමෙන් යුතුව වැඩ කරගෙන යා හැකි දිනයකි. කළා නිර්මාණ වලටද සුභ දිනයක්. නව මිතුරන් හා  හමු වන දිනයක් වන අතර ඉඩමක් නිවසක් හෝ යම් දෙයක් මිලදී ගැනීමට සුභ දිනයක්. සුවපසුව දවස ගත කිරීමට අවකාශ ලැබෙයි. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. දවස වඩාත් සුභ වේවි.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                               ජය අංකය: 01

සිංහ ලග්නය

කෝපය හා ඉවසීමක් නොමැතිව ගන්න තීරණ පාලනය කරගත යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. අවංකව කටයුතු කරන්නට සිතට ගැනීම වඩාත් යහපත් වන අතර කතාව අඩුවෙන් හා වැඩිපුර ක්‍රියාවෙන් වැඩ කිරීමට වග බලාගන්න. අන් අය සමඟ කරන වැඩ කටයුතු වලදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත්.

ජය වර්ණය: රන්වන් පැහැය                        ජය අංකය: 03

කන්‍යා ලග්නය

තම පවුලට වැඩියෙන් ඇලුම් කරන දිනයකි. තම දේශය වෙනුවෙන් වැඩක් කිරීමට පෙළෙඹෙන දිනයක් වන අතර අන් අයට උදව් කිරීමටද පෙළඹෙයි. වෙළඳාමට, ව්‍යාපාර වලට හා වානිජකරණයට දක්ෂ වන ඔබට ඉතාම වැදගත් වන දිනයක්. එබැවින් මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න.  කෙසේවුවත්ඉවසිලිවන්ත වීම ඔබට වඩාත් වැදගත් වේවි.

ජය වර්ණය:  කොළ පැහැය                            ජය අංකය: 02

 

තුලා ලග්නය

මහා පරිමාන ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයකි. අවශ්‍යතාවය අනුව ඔබ ඉතාම හොඳ දේ තෝරාගෙන වැඩ කටයුතු කරන දිනයකි. බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු ආරම්භ කරන්න. නිවසට අවශ්‍ය දේවල් ගැනීමට වැඩියෙන් වෙහෙසවීමට සිදුවන දිනයකි. තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද ඉතාම සුභ දිනයක්.

ජය වර්ණය: ලා තැඹිලි පැහැය                                                 ජය අංකය: 01

 

 

වෘශ්චික ලග්නය

 

තම පවුල වෙනුවෙන් වැඩියෙන් කැපවන දිනයක් වන අතර දු දරුවන්ගෙන් වැඩි ආදරයක් ලබන දිනයකි. මිත්‍යා මත ඉවතලා සාර්ථකව දිනය ආරම්භ කරයි. අඹු සැමියන් වෙනදට වඩා වැඩියෙන් ප්‍රවේසමෙන් කටයුතු කල යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.

ජය වර්ණය: ලා රෝස පැහැය                                      ජය අංකය: 09

 

 

ධනු ලග්නය

ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීම හා ස්නානයට එතරම් සුභ දිනයක් නොවෙයි.පිනට දහමට වැඩියෙන් යොමු වන දිනයක් වන අතර වැඩිහිටියන්ගේ නිසි උපදෙස් පිලිපැදීමද වැදගත් වන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුභ දිනයක් වන අතර මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.

ජය වර්ණය: ලා ගුරු පැහැය                                                   ජය අංකය: 08

 

 

මකර ලග්නය

ධාරණ ශක්තියෙන් යුතුව හා ආත්ම විශ්වාසයකින් ය්හුතුව දිනය ආරම්භ කරයි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. මංගල යෝග ඇතිවන සුභ දිනක් වන අතර පෙම්වතුන් හා පෙම්වතියන්ටද, පවුල් සම්බන්ධතා වලටද ඉතාම සුභ දිනයකි. ඉවසිලිවන්ත වීමට වග බලාගන්න. දිනය වඩාත් යහපත් වේවි.

ජය වර්ණය: ලා නිල් පැහැය                                              ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි.යතාර්ථවාදීව කටයුතු කරගෙන යා හැකි දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩි අවධානයක් යමු කිරීමද වැදගත් වන දිනයකි. නොසැලකිලිමත් බැවින් කටයුතු කල හැකි දිනයකි. හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.

ජය වර්ණය: තද නිල් පැහැය                         ජය අංකය: 06

 

 

මීන ලග්නය

අන් අයට ඉගැන්වීමට යොමු වන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වලටද අතපසු වුනු වැඩ නැවත ආරම්භ කිරීමටද යොමු වන දිනයකි. ඉතා හොඳ අධ්‍යාත්මීක ශක්තියකින් යුතුව කටයුතු කල හැකි දිනයකි. එබැවින් භාවනාවකින් යුතුව දිනය ආරම්භ කරන්න. හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි. අන් අයගේ ආදරයද ඔබට නොමදව ලැබෙයි.

ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                ජය අංකය: 05

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ 

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post