මැරුවත් බොන්නේ නෑ කියලා හත්පොළේ දිවුරණ අය තමයි හවසට කන සාක්කුවේ දාගෙන ගෙදර එන්නේ. කතාවට කියනවනේ අමද්‍යප සංගමයේ සභාපති කියලා වැඩිපුරම බොන්නේ. එ් කතාව අැත්තක් වුණ පුවතක් වාර්තා වුණා.
ගිරිබාව ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයේක් සූර්වෙලා මිනිස්සුට කරදර කලා අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට ගනිද්දී කසිප්පු බෝතල් භාගයකුත් මේ පුද්ගලයාගේ ළඟ තිබිලා. පොලීසිය මේ පුද්ගලයාගේ විස්තර හොයාගෙන යද්දී තමයි දැනගෙන තියෙන්නේ තිඹිරිපොකුණ ප්‍රදේශයේ අමද්‍යප සංගමයේ සභාපති කියලා.
අත්අඩංගුවට ගන්න හදන අවස්ථාවේ පොලීසියටත් තර්ජනය කරලා තියෙනවා. මේ වගේ පුද්ගයන් ප්‍රාදේශීය සභාවට යැව්වොත් නම් ගමේ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිට තමයි.