News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

චන්ද්‍රග්‍රහණයේ පළමු වෙඩිමුරය රවීට. තනතුරත් අහිමි වෙයි.?

648 Views


චන්ද්‍රග්‍රහණයේ පළමු වෙඩිමුරය රවීට. තනතුරත් අහිමි වෙයි.?

ඊයේ සිද්ධ වුණ චන්ද්‍රග්‍රහණය නිසා ජ්‍යොතිශ්‍යවේදීන් කිව්වේ රටේ දේශපාලනයේ ලොකු පෙරළි වෙන්න පුළුවන් කියලා. කිව්වා වගේම චන්ද්‍රග්‍රහණය පටන් ගනිද්දීම ලංකාවේ දේශපාලනයේ අාන්දෝලනාත්මක සිදුවීමක් වුණා.

බැදුම්කර ගණුදෙනුව නිසා චෝදනාවට ලක්වෙලා ඉන්න රවී කරුණානයකගේ පක්ෂ උප නායක කම අහිමි වෙලා තියෙනවා. බැදුම්කර සිද්ධිය නිසා රවී කරුණානයක මහතාටත් අැඟිල්ල දික්වුණා. එ් නිසා රනිල් වික්‍රමසිංහ මහතා එ් ගැන හොයන්න එජාපයේ කමිටුවක් පත්කරා. කමිටුවේ භාරවුණේ තිලක් මාරපන මහතාට. කමිටුවේ නිර්දේශ ඊයේ පක්ෂ ලේකම්වරයාට භාර දීලා තිබ්බා.

රවී කරුණානායක මහකා බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ නැතත් පර්පුවල් සමාගමට අයිති වෝල්ට් අැන්ටි රෝ සමාගමෙන් එතුමාට නිවාස බදු මුදල් දීලා තිබ්බා. එ් නිසා නීතිය ඉදිරියේ එතුමා නිවැරදි වෙනකම් පක්ෂයේ වගකීම් වලින් රවී කරුණානයක ඉවත් කරන්න කියලයි කමිටුව නිර්දේශ කරලා තිබ්බේ.

පෙබරවාරි මාසයේ මැද තියෙන පක්ෂයේ කෘත්‍යාධිනාරී මණ්ඩලයට මේ වාර්තාව ඉදිරිපත් කරන්න නියමිතයි. එතනදී තමයි තීරණය කරන්නේ කමිටුවේ වාර්තා ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා.


News Articles
Latest Videos
Most Popular Post