News Line| Off Air
Generic placeholder image

Feb
1

බංගලාදේශයෙන් ලංකාවට දැවැන්ත ඉලක්කයක්.

611 Views


බංගලාදේශයෙන් ලංකාවට දැවැන්ත ඉලක්කයක්.

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. ඊයේ ශ්‍රී ලංකා පිල බංගලි පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරයකට ගොදුරු වුණා. හැබැයි අද ලංකාවේ පන්දු යවන්නන් හොද ප්‍රති ප්‍රහාරයක් එල්ල කරා.

බංගලාදේශයේ ඉතිරිව තිබ්බ කඩුලු 6 ම දිවා අාහාරය වෙද්දී දවා ගන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. ලංකාවට හිසරදයක් වෙලා තිබ්බ මොමිනුල් උදේම පිටියෙන් ඉවත් කරන්න රංගන හේරත්ට පුළුවන් වුණා. ඔහු ලකුණු 176 කට දැවී ගියා. සුන්සාමුල් ස්ලාම් ලකුණු 24 යි. අද දවසේ ලංකාවට අැණයක් වුණේ බංගලාදේශ නායක මහමුදුල්ලා. ඔහු නොදැවී ලකුණු 83 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ හයේ පහර 2 ක් අැතුලත් වුණා.

අද දවසේ නම් හේරත්ට පන්දුවෙන් වැඩ පෙන්නන්න පුළුවන් වුණා. ඔහු කඩුලු 3 ක් දවා ගත්තා. සාර්ථක පන්දු යැවීමක නිරත වුණ සුරංග ලක්මාල් කඩුලු 3 යි. ලක්ෂාන් සඳකැන් කඩුලු 2 යි. එක් කඩුල්ලක් දවා ගන්න දිල්රුවන් පෙරේරා සමත් වුණා.

ලංකාවට පළවෙනි ඉනිමට ලකුණු 514 ක දැවැන්ත ඉලක්කයක් ලැබිලා තියෙනවා. එ් ඉලක්කය සපුර ගන්න නම් දැවැන්ත සබඳතා 2 ක් වත් ලංකාවට අවශ්‍ය වෙනවා එ් වගේම ක්‍රීඩකයින් 3 දෙනෙක්වත් ශතක ලබා ගන්න ඕන. අපි බලමු ලංකාවේ පිතිකරුවන් මේ අභියෝගය කොහොම ජය ගනීවිද කියලා.

 


News Articles
Latest Videos
Most Popular Post