News Line| Off Air
Generic placeholder image

Feb
1

“ඇත්තටම මම නම් කියන්නේ කිසි කෙනෙක් ගැන හරියට නොදැන වැරදි වැටහීම් ඇති කරගන්න එපා.” – ශනාලි වීරසිංහ ඇය ගැන කියපු කතාව.

2263 Views


“ඇත්තටම මම නම් කියන්නේ කිසි කෙනෙක් ගැන හරියට නොදැන වැරදි වැටහීම් ඇති කරගන්න එපා.” – ශනාලි වීරසිංහ ඇය ගැන කියපු කතාව.

ශනාලී වීරසිංහ නිළියක් වෙන්න කලින් නිරූපන ශිල්පිණියක් විදිහට තමයි ගමන පටන්ගත්තේ. එත් දැන් පුංචි තිරයෙන්ද ඇය ඔබ හමුවට එනවා. ඇයගේ කලා කටයුතු ගැන උනන්දුවක් දක්වන රසික රසිකාවියන් වෙනුවෙන් පහුගිය දවසක පුවත්පතක් එක්ක සංවාදයකට එක වෙලා තිබුනා. මේ තියෙන්නේ ශනාලිගේ අලුත්ම තොරතුරු.

ෂනාලි… කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. මේ දවස්වල මගේ වැඩ කටයුතුත් එක්ක දවස ගෙවෙනවා.

මේ දවස්වල ෂෙනාලි ටෙලිනාට්‍යයකට රංගනයෙන් එකතු වෙනවා නේද?

ඔව්.. මේ දවස්වල ෂූටිංවලට සහභාගී වෙනවා. ඒකේ මම රඟපාන්නේ හරිම අහිංසක ළමයෙක්ගේ චරිතයක්. මේක තමයි මගේ පළවෙනි නිර්මාණය. මම අලුත් වුණාට ටෙලිනාට්‍යයේ හැමෝම මට ගොඩක් උදවු කරනවා.

කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?

මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කළා. ඉතින් රොසෑන් මිස් තමයි මට දවසක් කිව්වේ අලුත් ටෙලිනාට්‍යයක් තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. ඉතින් මාත් හරිම ආසාවෙන් ගියා. කොහොමහරි අවසානයේදී මාව මේ චරිතයට තේරුණා.

පුංචි කාලේ හීන මැව්වේ කවුරු වෙන්නද?

පුංචි කාලේ ඉඳන්ම මට හීන දෙක තුනක් තිබ්බා. මුලින්ම මම හරිම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්නයි. ඊට පස්සේ මම හරිම ආසාවෙන් හිටියා නිළියක් වෙන්න. කාලයක් ගියාට පස්සේ මට නිරූපණ ශිල්පිනියක් වෙන්නත් ආසා හිතුණා. කොහොමහරි මොකද්දෝ මන්දා වාසනාවකට මගේ හීනවලින් දෙකකට පුංචියට හරි සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ හීන දකින්න පුළුවන් වුණා. ඒ ගැන ඇත්තටම තියෙන්නේ සතුටක්.

නිරූපණ ශිල්පියෙක් දිහා මේ සමාජය බලන්නේ වෙනස් විදිහටනේ. නිරූපණ ශිල්පිනියක් කියන්නේ ඇඟ පෙන්වන, කොටට අඳින, ක්ලබ් යන තරුණියක් කියලා තමයි සමාජයේ සමහරු කියන්නේ. මේ ගැන ෂෙනාලි මොකද කියන්නේ ?

කෙනෙක් කරන රැකියාව ගැන පිටත ඉඳන් බලලා තීරණය කරන්න බෑ. ඒ අත්දැකීම් ලබලා බලන්න ඕනේ. කේක් ගෙඩියක් වුණත් ඈත ඉඳන් බලලා කියන්න බෑ ඒක රසද නැද්ද කියලා. ඒක හරියටම කියන්න පු‍ළුවන් වෙන්නේ ඒකේ රහ බලලම තමයි. මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ ක්ෂේත්‍රයේ හරි තැනකට එන්න හරි අමාරුයි. ඉතින් ඒ තැනට එන්න බැරි වුණ අය මේ ක්ෂේත්‍රය ගැන බොරැ පතුරන්න උත්සාහ කරනවා. ඇත්තටම මම නම් කියන්නේ කිසි කෙනෙක් ගැන හරියට නොදැන වැරදි වැටහීම් ඇති කරගන්න එපා.

ඔයා නිරූපණ ක්ෂේත්‍රයට එනවට ෂෙනාලිගේ ගෙදරින් කැමති වුණාද?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි විතරයි. මගේ තාත්තා නම් මම මේ ක්ෂේත්‍රයට එනවට මුලදි පොඩ්ඩක්වත් කැමති වුණෙ නෑ. හැබැයි මගේ අම්මා මට ගොඩක් උදව් කළා. මගේ අම්මා රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින්.. මම පුංචි කාලේ ඉඳන් අම්මා හරි ලස්සනට ඒ වැඩ කරන දිහා බලාගෙන හිටියා. අම්මගේ වැඩකටයුතු දැකීමත් මාව නිරෑපණ ක්ෂේත්‍රයට යොමු කරවන්න ලොකු හේතුවක් වුණා. මම හැමවෙලේම නිරූපණ ශිල්පිනියක් ඉන්න සඟරා එහෙම බැලුවා. ඒ දේවලුත් එක්ක තිබුණ ආසාවට අන්තිමට ගෙදරින් කැමැත්ත දුන්නා.

වෙනත් නිර්මාණවලට ෂනාලිට අවස්ථාව ලැබිලා නැද්ද?

අවස්ථානම් කීපයක්ම ලැබුණා. ඒත්…. මට තාම මේ වගේ හොඳ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නෑ. නිරූපණ ක්ෂේත්‍රයේ ඉඳිද්දි රඟපාන්න ලැබුණු අවස්ථා කීපයක්ම මට මඟ ඇරුණා. තව දෙයක් නිසා මගෙන් මඟ ඇරුණු අවස්ථා තිබුණා. කරන්න හිත ඉඩ නොදුන්න නිසා මගෙන් මඟ ඇරුණු තැන් තිබුණා. මම අද හිතනවා ඒක එහෙම වෙන්න ඇත්තේ මොකක් හරි හොඳ දෙයක් වෙන්න ඇති කියලා.


News Articles
Latest Videos
Most Popular Post