බංගලාදේශය සමඟ ශ්‍රී ලංකාව සටන් වදින පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. අද දවසේ වැඩි ගෞරව ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා.
අද දිවා අාහාරය වෙද්දී බංගලාදේශයේ පළවෙනි ඉනිම අවසන් කරන්න ලංකාවේ පන්දු යවන්නන්ට පුළුවන් වුනා. ලංකාවට හිසරදයක් වුණ මොමිනුල් ලකුණු 176 කට දවා ගන්න හේරත්ට පුළුවන් වුණා. සුන්සාමුල් ලකුණු 24 යි. බංගලි නායක මහමුදුල්ලා නොදැවී ලකුණු 83 ක් ලබා ගත්තා.
අද දවසේ පන්දුවෙන් වැඩ පෙන්නන්න හේරත්ට පුළුවන් වුණා. හේරත් කඩුලු 3 යි. සුරංග ලක්මාල් කඩුලු 3 ක් දවා ගත්තා. ලක්ෂාන් සඳකැන් කඩුලු 2 යි. ලකුණු 513 කට බංගලාදේශ පළවෙනි ඉනිම අවසන් වුණා.
දැවැන්ත ඉලක්කයක් හඹා යන්න පිටියට අාපු ලංකාවේ පළවෙනි කඩුල්ල ලකුණු රැස් කරන්නත් කලින් බිඳ වැටුණා. දිමුත් කරුණාරත්න ලකුණු නොලබාම ප්‍රේක්ෂකාගාරයට ගියා. ඊට පස්සේ පිටියේ එක්වුණ කුසල් මෙන්ඩිස් සහ ධනංජයද සිල්වා ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා. අද දවසට තරඟය නතර කරද්දී ඔවුන් දෙදෙනා නොබිදිනු ලකුණු 187 ක සබඳතාවක් ගොඩනැගුවා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන ධනංජය නොදැවී ලකුණු 104 යි. ඔහුගේ ඉනිමට 4 පහර 15 ක් අැතුලත් වුණා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83 යි. එ් 4 පහර 7 ක් සහ එක් 6 පහරක් එක්ක.
අද දවස අවසන් වෙද්දී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 187 ක් ලබා ගෙන හිටියා. පළවෙනි ඉනිමට තවත් ලකුණු 326 ක් ලංකාවට ඕන. එ් සදහා කඩුලු 9 ක් ඉතිරි වෙලා තියෙනවා. දිගටම මේ විදියට ක්‍රීඩා කරොත් එ් ඉලක්කය අමාරු එකක් නෙවෙයි.