News Line| Off Air
Generic placeholder image

Feb
2

නොදැනුවත්වම කළ දේ නිසා ඔබ දැන් රාජද්‍රෝහියෙක් වෙලා. – video සාක්ෂි මෙන්න. – Exclusive

5726 Views


නොදැනුවත්වම කළ දේ නිසා ඔබ දැන් රාජද්‍රෝහියෙක් වෙලා. – video සාක්ෂි මෙන්න. – Exclusive

රටක අභිමානයේ සංකේතය තමයි ජාතික කොඩිය. ලෝකය පුරාම, රට නියෝජනය කරන්නේ ජාතික කොඩිය. 70 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකාවටත් අතීතයේ ඉදන් විකාශනය වුන ජාතික කොඩියක් තියෙනවා.
කඩුව අතින් ගත්ත තේජවන්ත සිංහයාගේ කොඩිය තමයි දැන් ලංකාවේ ජාතික කොඩිය විදියට භාවිතා කරන්නේ. හැබැයි සමහර අය ජාතික කොඩියට ලබා දෙන්න ඕන නිසි ගෞරව කරනවාද කියලා ප්‍රශ්නයක්. සමහරුන්ට නම් ජාතික කොඩිය නිකම්ම රෙදි කැබැල්ලක් නිතරයි. 70 වන සංවත්සරය සමරන මේ වෙලාවේ ඔබ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ජාතික කොඩියට කරන අකටයුතුකම් ගැන කියන්න අපි හිතුවා.
1) අපේ ජාතික කොඩිය ඔසවන වෙලාවේ සියලු දෙනාම සීරුවෙන් ඉන්න ඕන. එ් වගේම ජාතික කොඩිය ඔසවද්දී සියලු දෙනාම අසුන්වලින් නැගී සිටින්න ඕන.
2) ජාතික කොඩිය කිසිම වෙලාවක පොළවට සමතලාව සිටින්න ගෙනියන්න බෑ. එ් වගේම තිරස් ලෙස රැගෙන යන්නත් බෑ. හැම වෙලාවේම කොඩියේ යෂ්ඨිය සෘජුව තියෙන විදියට තමයි රැගෙන යන්න ඕන.
3) ජාතික කොඩිය වෙනත් කොඩි එක්ක පෙළපෙළියේ ගෙනියනවා නම් හැම තිස්සේම දකුණු පසින් ගෙනියන්න ඕන. වෙනත් කොඩි පෙළක් තියේ නම් කොඩි පෙළය හරි මැදින් තියන්න ඕන.
4) කිසිම පුද්ගලයෙක් නිසා හරි කිසියම් දෙයක් නිසා හරි කිසිම වෙලාවක ජාතික කොඩිය පහත දැමීම නොකරන්න ඕන. රටේ අභිමානය කියාපාන ජාතික කොඩිය අනිත් සියලුම කොඩිවලට වඩා ඉහළින් තියෙන්න ඕන.
5) ජාතික කොඩිය කිසිම අවස්ථාවක අඳින අැඳුමක්, අැතිරිල්ලක් විදියට භාවිතා කරන්න බෑ. රාජයේ හෝ හමුදාවේ අවමගුල් අවස්ථාවකදී විතරක් අාස්ථරණයක් විදියට භාවිතා කරන්න පුළුවන්.
6) ජානාධිපතිතුමාගේ අඥාවෙන් යුධ හමුදා රෙජිමේන්තු වල සිදු කරන වර්ණ ප්‍රධානයකදී හැරෙන්න කිසිම සලකුණත්, ලාංඡනයක්, වචනයක්, රෑපයක් ජාතික කොඩිය මත තියෙන්න බෑ.
7) උත්සවයකදී ජාතික කොඩිය එසවු විගසම ජාතික ජාතික කොඩිය වාදනය කරන්න ඕන. එහෙම නැත්තම් ගායනා කරන්න ඕන.
8) කිසිම වෙලාවක හානි වුන හරි අවලස්සන වුන හරි කොඩියක් ප්‍රදර්ශනය කරන්න බෑ.

ඒ වගේම ජාතික කොඩියට නිසි ගරු බුහුමන් නොදෙන ඕනෑම කෙනෙක්ට නීතියෙන් දඩුවම් ලබා දෙන්න පුළුවන්.

Cricket Match එකේදී, ඉස්කෝලේ උත්සවයකදී, නැත්තං නිදහස් සැමරුම වගේ ජාතික අවස්ථා වලදී ඔබ ජාතික කොඩිය භාවිතා කරන විදිහ වැරදියි කියලා දැන් ඔබට තේරෙනවද?

ඒ වරද තවදුරටත් පැහැදිළි කරන්න සියත 24 කණ්ඩායමේ අපි පොඩි Video එකක් නිර්මාණය කරා. මේ තියෙන්නේ සමහර අවස්ථාවල ඔබ නොදැනුවත්වම ජාතික කොඩියට අගෞරව කරන හැටි.


News Articles
Latest Videos
Most Popular Post