News Line| Off Air
Generic placeholder image

Feb
2

බෙල්ලන්විල විමලරතන හිමිට පන්සලේ අැතා පහර දෙයි.

1047 Views


බෙල්ලන්විල විමලරතන හිමිට පන්සලේ අැතා පහර දෙයි.

අලි අැතුන් කියන්නේ ලංකාවේ තියෙන වටිනාම සම්පතක්. බෞද්ධ සංස්කෘතියත් එක්කත් අලි අැතුන්ගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. බෞද්ධ පෙරහැරවල කරඬුව වඩම්මවන වගකීම පැවරිලා තියෙන්නෙත් අලි අැතුන්ට.

හැබැයි අද උදේ අපිට අහන්න ලැබුණ පුවත නම් එච්චර හොඳ එකක් නෙවෙයි. පූජ්‍ය මහචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිට පන්සලේ මියන් කුමාර අැතා පහර දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ උදේ අැතාට කෑම දෙන අතරතුර තමයි මේ පහරදීම වෙලා තියෙන්නේ.

ප්‍රහාරයෙන් විමලරතන හිමියන්ගේ ඉල අැට වලට හානි සිදු වෙලා තියෙනවා. උන්වහන්සේ මේ වෙද්දී කලුබෝවිල ශික්ෂණ රෝහලට අැතුලත් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post