තාත්තා කෙනෙක්ට ළමයි තරම් වෙන සම්පතක් නෑ. දරුවන්ට වඩා තාත්තා කෙනෙක් වෙන කාටවත් අාදරේ කරන්නේ නෑ. හැබැයි වත්මන් ජනාධිපතිතුමා දරුවන්ට වඩා අාදරය කරන දෙයක් ගැන එතුමාගේම දියණිය කිව්වා.
“මගේ තාත්තා එක දවසක් මොරගහකන්ද ජලාශයට උඩින් යද්දී ළඟ හිටපු අයට කියලා තියෙනවා මගේ දරුවන්ට වඩා මම මේ මොරගහකන්ද ජලාශයට අාදරෙයි කියලා.” කියලයි චතුරිකා සිරිසේන කිව්වේ. ඒ තමන්කඩුවේ තිබ්බ රැස්වමීකදී.
රටේ නායකයා වුණාම හැමදේටම වඩා රටට අාදරය කරන්න ඕන. එහෙම බැලුවම ඉතිං ජනාධිපතිතුමා දරුවන්ට වඩා මොරගහකන්ද ජලාශයට අාදරය කරන එක වරදක් නෙවෙයි.