ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ හතරවෙනි දවස තමයි අද. ඊයේ තරඟය නතර කරද්දී ශ්‍රී ලංකා පිළ කඩුළු 03 ක් දැවී ලකණු 504 ක් ලබාගෙන හිටියා. බංග්ලාදේශ කණ්ඩාම සියලු දෙනා දැවී ලකුණු 513 ක් රැස් කළා.
ඊයේ දවසේ ලංකාවට වැඩි ගෞරවයක් ලබාදෙන්න සමත් වුන කුසල් දැවී ගියේ ලකුණු 196 කට. ඒ ඔහුගේ උපන්දිනය දවසේ සමරන්න තිබ්බ තවත් දෙයක්, එහෙමත් නැත්තන් ඔහුගේ ද්විත්ව ශතකයට තවත් ලකුණු 04 ක් ඉතිරිව තිබියදී.
දිනේෂ් චන්දිමාල් එක්ක රොෂේන් සිල්වා තමයි මේ වෙද්දී පන්දුවට පහර දෙමින් ඉන්නේ. රොෂේන් සිල්වා මේ වෙද්දිදී තමාගේ මංගල ටෙස්ට් ශතයකය ලබාගන්න මීට සුළු වෙලාවකට කලින් සමත් වුනා. පන්දු 197 කදි වාර්තා කළ ඔහුගේ ශතකයට හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. එත් අවාසනාවකට ඔහු ලකුණු 109 කට දැවී යන්න ඔහුට සිදු වුනා.