දැන් දැන් අපේ රටේ තුන් ඉරියවු ක්‍රීඩකයන් වැඩියි. ඒ නිසාම සමහර ක්‍රීඩකයන්ට දිගින් දිගටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාව නොලැබෙන, දක්ෂතාවයෙන් අඩුවක් නැති ක්‍රීඩකයන් අතර සීක්කුගේ ප්‍රසන්න ඉස්සරහින්ම ඉන්නවා.
ඔය අතරේ සික්කුගේ දක්ෂතාවයට හොඳ තැනක් ලැබිලා. ඒ එංගලන්තය. මේ පාරත් ප්‍රාන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සීක්කුට ආරාධනා කරලා තියෙන්නේ නොතැම්ප්ටන්ෂයර් කණ්ඩායමෙන්. ඉතිං ජූලි 4 වෙනිදා ඉඳලා එංගලන්තයේ පැවැත්වෙන මේ තරඟාවලියට සික්කු සහභාගී වේවි.