අද ලග්න තුනක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
567 Views
අද පෙබරවාරි මස 04 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා අලුයම 04.51 සිට උදෑසන 06.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.57 සිට 06.29 දක්වා
සුභ දිශාව: දකුණ
අසුභ දිශාව: උතුර
මේෂ ලග්නය

ක්‍රියාශීලී බව තරමක් අඩු වන සෞක්‍ය පීඩා පවා ඇතිවිය හැකිදිනයක්. කල්පනාකාරීව හා සැලසුම් සහගතව වැඩ කටයුතු කරගෙන යාම තුල වැඩ කටයුතු සියල්ල වඩාත් යහපත් කරගත හැකි දිනයකි. සමාජශීලී ඔබ වඩාත් නිහතමානී විය යුතු දිනයකි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03
වෘෂභ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වඩාත් ක්‍රියාශීලීව ආරම්භ කරන්න. වැඩි ලාබහ ලබාගත හැකි දිනයකි. ඔබගේ ආත්ම විශ්වාසය ඔබව වඩාත් ශක්තිමත් කරන දිනයකි. පවුල තුල කටයුතු කිරීමේදී අඹු සැමියන් වඩාත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 06
මිථුන ලග්නය

ලද දෙයින් සතුටු වන්න පුරුදු විය යුතු දිනයක්. කරදර හා සතුරු බලවේග මර්දනය කරගත හැකි දිනයකි. . ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්. දෙමව්පියන්ට වඩාත් ආදරයෙන් සලකන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 04
කටක ලග්නය

ආගමික කටයුතු වෙනුවෙන්ද තම පවුල වෙනුවෙන්ද වැඩියෙන් මහන්සි වීමට සිදුවන අවිවේකි දිනයකි. නැති බැරි අයට මෙන්ම තම දෙමව්පියන් පිළිබඳවද වැඩිපුර සොයා බලන්න. අධ්‍යාපන කටයුතු වලට ඉතාමා සුභ දිනයකි.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

ආදායම් තත්වය යහපත් වන දිනයකි. අන් අය අතර සතුටින් කටයුතු කල හැකි දිනයක් වන අතර ඔබේ ආත්ම ශක්තියා හා ක්‍රියාශුර බව දිනය වඩාත් යහපත් කරයි. කල්පනාකාරී වන්න. නව බලාපොරොත්තු ඇතිවන දිනයක්. ඒවා ක්‍රියාත්මක කිරීමටද ඉතාම සුභ දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 01
කන්‍යා ලග්නය

කරන සෑම කටයුත්තම සාර්ථක කරගත හැකි දිනයකි. කලා නිර්මාණ වලට හා අධ්‍යපන වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. ඉතාම සුභ මංගල යෝග දී ඇති දිනයකි. ඔබේ අවශ්‍යතා කිමන අයරින් කරගත හැකි ඉතාම සුභ දිනයකි. ගනුදෙනු වලදී වඩාත් සැලකිලිමත් වීම වැදගත්.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 05
තුලා ලග්නය

සතුරන් මර්දනය කර තම වැඩ කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. ඔබ ගන්න තීරණ අන් අයගේ පැසසුමට ලක්වන දිනයකි. නින්දා අපහාස වලින් මිදිය හැකි දිනයකි. ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 10
වෘශ්චික ලග්නය

වඩාත් කලපනකරිව හා ප්‍රවේසමෙන් කටයුතු කලයුතු දිනයකි. ගනුදෙනු වලදී ඔබ වඩාත් සැලකිලිමත් වන්න. නින්දට බාධා ඇතිවන, ආමාශගත රෝග පවා ඇතිවිය හැකි දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය:04
ධනු ලග්නය

විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා නොපමාව උත්සාහ කිරීමට ඉතාම සුභ දිනයකි. අනාගත වැඩ පිළිවෙලක් ගැන සැලසුම් කිරීමට ඉතාම සුභ දිනයකි. ආගමනුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 08
මකර ලග්නය

වියදම ඉතා ඉහල යා හැකි දිනයකි. වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වන අතර ඉවසිලිවන්ත වන්න. රැකියා හා ව්‍යාපාර සාර්ථක කරගත හැකි දිනයකි. අධ්‍යාපන කටයුතු වලටද, සමාජ සේවා කටයුතු වලටද ඉතාම සුභ දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05
කුම්භ ලග්නය

ඔබේ ශ්‍රමයට හා දැනුමට නිසි වටිනාකමක් ලැබෙන දිනයකි. නිහතමානි වන්න. තම පවුලට නමෙන්ම තම දෙමව්පියන්ටද ආදරයෙන් සළකන්න. උසස් තනතුරු ලැබිය හැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 06
මීන ලග්නය

ආදායම අඩු වන වියදම වැඩි වන දිනයකි. සමාජ ඇසුරේදී වඩාත් කල්පනාකාරී වන්න. යටපත් නිලතල හා ගරු නම්බු නාම නැවත ඔබට ලැබෙන දිනයකි. නමුත් වඩාත් කල්පනාකාරීව හා ඉවසිලිවන්තව දිනය ගත කරන්න. අන් අය අතර වඩාත් ප්‍රවේසම් වීම වැදගත්.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර
දුරකථන: 0777 44 86 44